Published by Anver on 24 Apr 2012
වසර කිහිපයකට ප්‍රථම මට ඇතිවු සිද්ධියකි. සමහර විට මේ සිද්ධිය ගැනත් කියවා මම තවත් ආගමකට පහර දුන්නා යැයි සමහරු චෝදනා කරන්නටද පුළුවන. නමුත් ඇත්ත වශයෙන්ම මේ කථාව කිසිදු දහමකට ගැරහුමක් නම් නොවේ. Continue Reading »
අල්ලාප සල්ලාප
Published by Anver on 23 Apr 2012
දඹුල්ල පූජා භූමියෙන් පිටත මුස්ලිම් ආගමික දේවස්ථානය ඉදිකර ගැනීමට කිසිදු බාධාවක් නැති බවත් ඒ සඳහා ප‍්‍රථම මුදල් පරිත්‍යාගය රංගිරි දඹුළු සංවර්ධන පදනමෙන් සිදුකරන බවත් ඉනාමළුවේ ශ‍්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුළු පාර්ශ්වයේ මහ නාහිමියෝ පැවසූ බවට ලංකා සී නිවුස් අඩවිය විසින් අද වාර්තා කර තිබුණි. (පල්ලිය වෙන තැනක හදන්න මුදල් පරිත්‍යාග පන්සලෙන් – ඉනාමළුවේ හිමි) පල්ලියක් සෑදීමට ඒ හිමියන්ගෙන් ආධාරයක් ගැනීමට හැකි දැයි ඉස්ලාමීය කෝණයෙන් බැලීම මෙම ලිපියේ අරමුණයි. Continue Reading »
අල්ලාප සල්ලාප
Published by Anver on 25 Jan 2012
අප වසන්නාවු විශ්වය තුල ලක්ෂ සංඛ්‍යාත ග්‍රහමන්ඩල වලින් හෙබි මන්දාකිණි විශාල සංඛ්‍යාවක් ඇත. මේ මන්දාකිණි දූලි වලාවක් මෙන් ඈතට දිස්වන නමුදු මෙම මන්දාකිණි තුල සුර්යයන් කේන්ද්‍ර කරගත් ග්‍රහමන්ඩල විශාල සංඛ්‍යාවක් ඇත. එකිනෙක ග්‍රහලෝකයන් තමන්ගේ කක්ෂයන් වටා භ්‍රමණය වෙමින් ඒ ඒ සුර්යයන් වටා කැරකෙන අතර ඒ සුර්යයන්ද තමන්ට නිශ්චිතවු දිශාවකට ගමන් ගනිති. මෙතරම් අලංකාරව සහ ආරක්ෂාකාරීව සිදුවන විශ්ව ක්‍රියාවලිය දෙස බලන අප හට හැගෙන්නේ මේ සියල්ල ඉතා සැලසුම් සහගතව සිදුවන බවයි. මේ සියල්ල පිටුපස කිසිදු හස්තයක් නොමැත. සියල්ල සිදුවන්නේ අහඹු ලෙස යැයි අපට විශ්වාස කළ හැකිද? Continue Reading »
අල්ලාප සල්ලාප
Published by Anver on 23 Nov 2011
අනවසර ආගමික ස්ථානය යනු අද අප සමාජයේ ඉමහත් අර්බුදයකට ලක්වු මාතෘකාවකි. බොහෝ දෙනෙකු පවසන්නේ නිසි අවසරයකින් තොරව ඉදිකරන මෙවැනි ආගමික ස්ථානයන් ඉදිකිරීම තහනම් කළ යුතු බවය. මෙය හුදෙක් කිතුණු සහ මුස්ලිම් පල්ලි ඉදිකෙරෙනවාට බෞද්ධ සහ කතෝලික සමාජයන් විසින් නගන විරෝධයක් බව අපට දක්නට ලැබේ. නමුත් මෙම අර්බුදයේ තවත් නොපෙනෙන පැත්තක් ඇති බව මගේ අදහසයි.
Continue Reading »
අල්ලාප සල්ලාප
Published by Anver on 15 Nov 2011
පසුගිය 2011 නොවැම්බර් 13 වැනි ඉරුදින, රන්දිව පුවත් පතේ පිටු අංක 15 වෙහි සිරි සමන්තබද්‍ර හිමිගේ මාර්ගඵල ඥානය ඇත්තක් යන මැයෙන් පලවු ලිපියෙහි, සමන් සමරක්කොඩි නම් ලේඛකයා සහ සමන්තබද්‍ර (කලින් සිරිධම්ම) හිමියන් අතර ඇතිවන සංවාදයක් පලවේ. එහිදී ලේඛකයා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙනු වස් එතුමා සංයුක්ත නිකායේ, සක්‍ර සංයුක්තයේ කථාවක් උපහැරණයට ගනිමින් පිළිතුරු දෙන අතරම එයට අල්-කුර්ආනයේ පැවසෙනවා යැයි තවත් කථාවක් පවසති. එම කථාව මෙසේයඃ Continue Reading »
අල්ලාප සල්ලාප
Published by Anver on 11 Nov 2011
වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය විවිධ ජනවාර්ගික කොටස් වලින් සංයුක්ත වන අතර එනිසාම එක් එක් ජන කොටස් වලට උරුම වූ සංස්කෘතීන්ගෙන් විද්‍යාමාන වන විවිධත්වයේ ලක්ෂණ සෑම කෙෂේස්ත්‍රයකම වාගේ දක්නට ඇත. ඉතිහාසයේ අප මෙතෙක් පසු කරගෙන පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බලන විට පැහැදිලිව පෙනෙන සුවිශ්‍රේෂී ලක්ෂණ කිහිපයක් අපට දැකිය හැක. දශක පහක් හෝ හයකට පෙර පැවති අලංකාර සමාජ සාමූහිකත්වය ක්‍රමක් ක්‍රමයෙන් බිඳ වැටී වාර්ගික හා සංස්කෘතික විවිධත්වය පදනම් කරගෙන එකිනෙකාගෙන් ඈත් වෙමින් වෛරය හා ප්‍රකෝපකාරීත්වය මත පදනම් වූ පිළිකුල් සහගත සබඳතාවයක් මෙම කාල වකවානුව තුල ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතින ආකාරය ඉතා හොඳින් දැකිය හැකිය. වසර තිහක් මුළුල්ලේ උතුරු නැගෙනහිර පැවතුණු වාර්ගික ගැටුම්ද මෙම සමාජ ප්‍රවර්ධනයේ එක් අංග ලක්ෂණයක් පමණි. Continue Reading »
අල්ලාප සල්ලාප
Published by Anver on 10 Nov 2011
උලුහිය්යා නම්වු ඉස්ලාම් ආගමික කර්තව්‍යය
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හජ් මාසයයි. හජ් නැමදුම ඉටුකරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාල වක වානුවේදීය. මීට වසර දහස් ගණනකට පෙර විසු දෙවිදුන්ගේ මානව ශාස්තෘවරයෙක් වු ඉබ්‍රාහිම් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ට පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 10 Nov 2011
පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය
මස් පිණිස සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ. ඒවා පිළිබදව අප මදක් විමසා බලමු. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 10 Nov 2011
හිංසනයෙන් තොරව සතුන් කැපීම
ඉදිරිපත්කරන ලද සියළු කරුණු ඉතා සාවධානව හා උද්වේගයට පත්නොවී හෘද සාක්ෂියට එකඟව සිතා බැලීමේදී මාංශ අනුභවය ලෝක යථාර්තයක් බවට පත්වී ඇති බව තර්කයෙන් තොරව අපට පිළිගැනීමට සිදුවෙනවා නොවේද? මාංශ අනුභව නොකර සිටින්නට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් කිසිම තර්කයකට එකඟ නැති, පදනම් විරහිත අයුරින් මෙය සටන් පාඨයක් කරගෙන කරන්නාවූ හිස් ක්‍රියාවන් කිසිම යහපත් පුරවැසියෙකු අනුමත කරණ ක්‍රියාවක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලොව අද පවතින සියළු ප්‍රධාන දහම් මාංශ අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්තයක් බව පිළිගෙන ඇති නිසා බව වියහැක. මෙම සත්‍යය තත්වයට ඉස්ලාමය විසින් ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟ තාවයක් ඇති මෙන්ම හිංසනයෙන් තොරවූ ඝාතන ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ග විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 10 Nov 2011
ගව ඝාතනයට පමණක් එරෙහි වීම
සත්ත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතාකරනුයේ ගවයින් කැපීමට හෙවත් ගව ඝාතනයට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාවය විය හැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇතිවීමද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 31 Oct 2011
විද්‍යාවේ උන්නතිය උදෙසා සත්ත්ව ඝාතනය
මිනිසාගේ යහපත පිණිස විවිධවු ආකාරයේ පර්යේෂණ වල යෙදෙමින් නුතන වෛද්‍ය විද්‍යාව ඉතා උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතිහාසයේ සිට මේ දක්වා විවිධවු සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවී තිබේ. මෙම පර්යේෂන වලින් අත්හදා බලන්නාවු වෛද්‍ය ප්‍රථිකාර සඳහා සත්ත්වයන් යොදාගෙන, ඒවායේ සාර්ථක අසාර්ථක භාවය අත්හදා බලා පසුව ඒවායින් මිනිසුන්ට ප්‍රථිකාර නොකලේ නම් අද වනවිට විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වන්නට ඉඩ තිබිණි. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 31 Oct 2011
මිනිසාගේ ස්වභාවික පිහිටීමේ දිරිගැන්වීම
අප දන්නා පරිදි ඉතාමත් අහිංසක කිසිවෙකුට හිංසාවක් කිරීමට අකමැති පුද්ගලයන්ද ඉතා අභිරුචියෙන් මාංශමය ආහාර ගන්නා අවස්ථා අප දැක ඇත. මෙයට හේතුව මිනිසාගේ මුඛයේ ඇති පිහිටීමේ ස්වභාවයයි. මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියද සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර එකලෙස ජීරණය කළහැකි වන අයුරිනි. එමෙන්ම අපට රුචි අරුචිකම් හට ගන්නේ දිවෙහි ඇති සංවේදීතාවයෙනි. මාංශ ආහාර පිළිබඳ රුචියට අපගේ දිවද සකස් වී ඇත. නිදසුනක් ලෙස කුළු හරකුන් සහ ඇතුන් වැනි ශාක භක්ෂක සතුන් කොපමණ දරුණු වුවද උන් සත්ත්ව මස් නොකයි. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 31 Oct 2011
මිනිසා විසින් කරන්නාවු සත්ත්ව ඝාතනයන්
කුහුඹියෙකුවත් අසාධාරණ ලෙස මරා දමන්නට ඉස්ලාමය තුල අපට ඉඩක් නැත. එහෙත් කිසිදු සත්ව ඝාතනයකින් තොර තත්වයක් අපේක්ෂාකිරීම යථාර්තවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන් කර පමණක් ජීවත්වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද කිරීමට අපට ඉඩකඩ තිබේද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. නමුත් මෙයත් අපගේ අත්දැකීම් අනුව සැමවිටම සත්‍යය වන තත්වයක් නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනාගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ වු උපක්‍රමයන් ගොවියා විසින් උපයෝගීකර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා විසින් ක්‍රියාකරයි. මෙයින් පැහැදිලිවන්නේ කුමක්ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කරගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේද? මෙම ලෝක යථාර්තය ප්‍රතික්ෂේප කලහැක්කේ කවරෙකුටද? Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 31 Oct 2011
මාංශ ආහාර වර්ජනය කිරීමේ අප්‍රායෝගිකත්වය
එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2010 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat) කි. ග්‍රෑ. 46.6 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 17 ක් ලෙස දක්වා ඇත. බිලියන 6.9 ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2010 වර්ෂය සඳහාවූ මුළු මාංශ හා මත්ස්‍ය පරිභෝජනයේ ප්‍රමාණයන් අපට ලබාගත හැක. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 30 Oct 2011
මාංශ ආහාර අනුභවය
මෙලෙස ඉතාමත් අලංකාර අන්දමින් සතුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට සහ උන්ට ඉතා හොඳින් කරුණාව දැක්වීමට දිරිගන්වන දහමක් විසින්, සිය බැතිමතුන් හට මාංශ අනුභවය අනුමත කර තිබෙන්නේ කෙලෙසද? කියා දැන් යමෙකුට නියත වශයෙන්ම සිතෙන්නට ඉඩකඩ ඇත. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 27 Oct 2011
නිකරුනේ සත්ත්ව හිංසාව තහනම්
නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය විසින් අනුමැතිය දී නොමැති බව අප අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පැවසු බව සඳහන් වන බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392 පදයෙහි) දක්වා ඇති පරිදි: Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 26 Oct 2011
මිනිසා මෙලොව භාරකාරයා
මිනිසා වනාහී මේ මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු වශයෙන් ක්‍රියා කරන බව අප අවට සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන් පමණකින්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිදු ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ලැබී ඇති බවක් අපට දකින්නට නොමැත. මිනිසා වනාහී ලොව පවතින්නාවු අන් සියළුම ජීවීන්, පරිසරය, හා එහි අඩංගු සියළුම දේ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 26 Oct 2011
හැදින්වීම
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මිනිසා හට පැවතුනු අවශ්‍යතාවයන් නම් ආහාර සහ වස්ත්‍රයි. මෙයිනුදු ආහාර වනාහී මිනිසා හට තම ශරීරය නඩත්තු කරන්නට අවශ්‍ය වන්නාවු ප්‍රධාන සාධකයයි. මේ නිසා අතීතයේ සිටම මිනිසා අන්කිසි දෙයකට වඩා ආහාර සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සිදුකර ඇත. අපගේ ආහාර සඳහා අත්‍යවශ්‍ය සාධක දෙකකි. එනම් මාංශ (සතුන්ගේ මාංශ) සහ නිර්මාංශ (ගස්,වැල් සහ ඵල වලින්) වේ. මිනිසා විසින් ඉතිහාසය පුරා ඉහතකී ප්‍රභවයන් දෙකෙන්ම ආහාර සලසා ගත්තේ යැයි සාක්ෂි සහ සාධක ඇත. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Next »