Published by Anver on 25 Mar 2010 at 07:40 pm
අපල උපද්‍රව වලට යම් යම්දේ පැලඳීම
ජීවිතයට එන උපද්‍රව සහ යම් යම් දේවල් හරියාකාරව ඉටු කර ගැනීමට මිනිසුන් විවිධාකාරවූ ක්‍රම මගින් යත්ත දරති. නිදසුනක් ලෙස සමහරු අපල උපද්‍රව වලින් බේරීමට අලි කෙඳි වලින් මුදු තනා පලඳිති. සමහරු යම් යම් දේ ජීවම් කර පලඳිති. මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන්ගේ කාලයේ සමාජයේද මෙවැනි දුර්මත පැවතිණි. විශේෂයෙන් එකල දාදු කැට පැලඳීමකින් යහපත් ඵල විපාක ගත හැකි බව ඔවුන් තරයේ විශ්වාස කරන ලදී. මේ සම්බන්ධව ඉස්ලාමීය මතය අප දැන් විමසා බලමු.
(ඕ නබිවරය) ඔබ (ඔවුන්ගෙන්) විමසන්න. අල්ලාහ් හැර නුඹලා (ප්‍රාර්ථනා කර) අඬගසන දෙවිවරුන් ගැන නුඹලා කුමක් සිතන්නහුද? අල්ලාහ් මට කිසියම් අයහපතක් කිරීමට අදහස් කළේ නම්, අල්ලාහ් හැර නුඹලා (ප්‍රාර්ථනා කර) අඬ ගසන අන් දෙවිවරුන්ට එම අයහපත (මගෙන්) ඉවත් කළ හැකිද? නොඑසේ නම්, අල්ලාහ් මට භාග්‍යයක් පිරිනැමීමට අදහස් කළේ නම්, උන්වහන්සේගේ එම භාග්‍යය වලක්වාලීමට එම දෙවිවරුන්ට හැකිද? ඔබ (ඔවුන්ට) පවසන්න. මට අල්ලාහ්ම ප්‍රමාණවත් වේ. ස්ථිර විශ්වාස වන්තයන් උන්වහන්සේ කෙරෙහිම විශ්වාසය තබති. යැයි අල්ලාහ් වදාරයි.
ශුද්ධවූ අල් කුර්ආනය 39. 38
කවරෙක් දාදුකැට පලඳින්නේද, ඔහුට අල්ලාහ් පරිපූර්ණ භාවය ලබා නොදෙයි. යනුවෙන්ද, තවත් වදනක කවරෙක් දාදු කැට පලඳින්නේද, ඔහු (අල්ලාහ්ට) ආදේශ කලේය යනුවෙන්ද මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන් පැවසූ බව උක්බා බින් අමීර් (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය හිමිවේවා) වාර්තා කර ඇත.
මූලාශ්‍රය අහමද් ග්‍රන්ථය
මෙහිදී අල්ලාහ්ට ආදේශ කළේය යන්නෙන් අදහස් කරන්නේ දෙවිඳුන් වන අල්ලාහ්ට පමණක් කළ හැකි යම් යම්දේවල් පිළිබඳව අප වෙනත් දේවල් මගින් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එමගින් අප ඒ දෙය දෙවිඳුන් වන අල්ලාහ්ට සමාන කිරීමයි. මෙයට අරාබි බසින් ශිර්ක් යනුවෙන් හඳුන්වන අතර, දෙවිඳුන්ට එරෙහිව කරන ලොකුම පව මෙයයි.
කවරෙක් කිසියම් දෙයක් එල්ලාගෙන සිටින්නේද, ඔහු (අල්ලාහ්ගේ උපකාරයෙන් තොරව) ඒ මගටම වගකීමෙන් හරිනු ලැබේ යැයි මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් හකීම් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට හිමිවේවා) වාර්තා කර ඇත.
මූලාශ්‍රය තිර්මිදි ග්‍රන්ථය
මෙහිදී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන් අදහස් කරන්නේ කවරෙක් හෝ යම් දෙයක් පැලඳීමෙන් හෝ වෙනයම් ක්‍රියාවක් මගින් තම ජීවිතයේ අල්ලාහ් විසින් තබා තිබෙන දෛවය වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නම් ඉන් අනතුරුව සියල්ල ඒ මගින්ම තීරණය (විනාශ) වීමට ඉඩ හරින බවයි.
මැතිරීම, දාදුකැට පැලඳීම සහ (එකල අඹුසැමියන් අතර ප්‍රේමය වැඩි කිරීමේ චේතනාවෙන් කළ) කොට්ට මන්ත්‍රය කිරීම යනාදිය ශිර්ක් (අල්ලාහ්ට ආදේශ) කිරීමකි යැයි මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට හිමිවේවා) වාර්තා කර ඇත.
මූලාශ්‍රය අහමද් ග්‍රන්ථය
යම් පුද්ගලයෙක් දාදුකැටයකට හෝ වෙනයම් දෙයකට ඵල විපාක ඇති කිරීමේ ශක්තිය තිබේ යන චේතනාවෙන් එය පලඳින්නේ නම්, ඔහු මහා ශිර්ක් (අල්ලාහ්ට පමණක් කළ හැකිදේ අන්දෙයකට සමාන කිරීම) කළ අයකුසේ සැලකේ. ඒ මන්දයත්, ඔහු අල්ලාහ් හැර අන්දෙයකට මෙවන් ශක්තියක් ඇති බව විශ්වාස කළේය. නමුත්, ඔහු එය ඵල විපාක ලබා දීමට හේතුවක් වශයෙන් පමණක් විශ්වාස කළේ නම්, ඔහු සුළු ශිර්ක් කළ අයෙකුසේ සලකනු ලැබේ.
Adonica on 22 Aug 2011 at 12:20 am #
This is way more helpful than anything else I’ve loeokd at.
Tory on 22 Aug 2011 at 9:44 pm #
I went to tons of links before this, what was I thnkiing?