Published by Anver on 08 Dec 2009 at 05:52 pm
ආගම් මාරුවට පිළියම කවරේද?
වර්තමාන බුදු දහම පරිහාණියට ගොස් බැතිමතුන් ආගම් මාරු කිරීම ගැන බොදුනු නායකයන් අන්‍යාගම් වලට පහර ගසනු මෑත කාලයේදී අප බොහෝ ලෙස දැක ඇත. මෙම ලිපිය මේ ගැටළුව ගැන බොදුනුවෙකුගේ අදහසයි. මෙම ලිපිය පුවත්පතකින් උපුටා ගන්නා ලදී.
ආගම් මාරුවට පිළියම කවරේද?
අන්‍යාගමිකකරණ ව්‍යාපාරය දැනට සෑහෙන කලක සිට ශ්‍රී ලංකාවේ බුදුසසුන මුහුණ දී ඇති අභියෝගයක් බව අපි දනිමු. වට පිටාවෙන් ඝෝෂාවක් නැගෙන විට කටුව තුළ හිස සඟවාගෙන නිසොල්මන්ව සිටින ඉදිබුවා එම ඝෝෂාව නවතින විට නැවත කටුවෙන් එළියට විත් තම කටයුත්ත කර ගනී. මෙම අන්‍යාගමිකකරණ ව්‍යාපාරයද ඒ හා සමානය.
මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වැරැදිකරු ලෙස එම මිථ්‍යාදෘෂ්ටික බලවේග දෙසට පමණක් ඇඟිල්ල දිගු කිරීමට අපි පුරුදු වී සිටිමු. නමුත් ගිහි පැවිදි බෞද්ධ අපගේම අඩුපාඩු හා වැරැදි එවැනි ව්‍යාපාරයක් සාර්ථක වීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබෙන පව කනගාටුවෙන් වුවද කිව යුතුය. එවැනි තත්ත්වයක් නොමැති නම් එම බලවේග වලට බුදුසසුන කෙරෙහි එතරම් බලපෑමක් කිරීමට පහසු නොවනු ඇත. එම නිසා එම කරුණු සැලකිල්ලට ගෙන අප තුළ ඇති අඩුපාඩු සකසාගෙන අපගේ මුතුන් මිත්තන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන විත් අපට දායාද කර දී ඇති නිර්මල බුදුසසුන පරිහානියකට අර්බුදයකට පත් නොකර අනාගත පරපුරට නිරුපද්‍රිතව නැවත දායාද කිරීම අපගේ බලවත් යුතුකමක් හා වගකීමක් බව සඳහන් කරමි.
පහත දැක්වෙන්නේ එම කරුණු වලින් කීපයකි.
1. ජනතාවගේ දුර්වල දහම් දැනුම
2. බෞද්ධ වත් පිළිවෙත් උඩු යටිකුරුවීම
3. භික්‍ෂූන් වහන්සේගේ අඩුපාඩු
4. ගිහි ජනතාවගේ දුර්වලතා
5. නීතිමය ගැටලු
ජනතාවගේ දුර්වල දහම් දැනුම
සංඛ්‍යා ලේඛන වලට අනුව බෞද්ධ ජන සංඛ්‍යාව ඉහළ අගයක තිබුණ ද, දැනුමෙන් අවබෝධයෙන් හා ප්‍රතිපත්ති ගරුකත්වයෙන් අද එය ඉතා පහළ අගයක් ගන්නා බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ඉතිහාසයේ නොයෙක් අවධි වල බුදු සසුනට විරුද්ධව නොයෙක් බලවේග පැමිණියද එදා ජනතාව නිවැරැදි අවබෝධයෙන් යුතුව ප්‍රතිපත්ති ගරුකව දහම තුළ ජීවත් වූ පිරිසක් වූ නිසා ඒ සියල්ල පරාජය කර සසුන රැක ගැනීමට ඔවුනට හැකි විය.
අද බෞද්ධ ජනතාවගෙන් බහුතරව බුදු දහම යනු කුමක්දැයි හරියාකාරව දන්නා බවක් වත් නොපෙනේ. මනුෂ්‍යයෙකුට ආගමක් අවශ්‍ය වන්නේ කුමක් සඳහාදැ’යි නොදන්නා ඔවුහු බුදු දහමින්ද බලාපොරොත්තු වන්නේ අතිශයින් ලාමක වූ ලෞකික සැප සම්පත්ය. විශේෂයෙන් දහම් අධ්‍යාපනයක් ලද සහ දහම තුළම ජීවත්වන සුළු පිරිසකට හැර අන් අයට බුදු දහමේ ඉගැන්වීම පිළිබඳ අවබෝධය අඩුය. උතුම් මිනිසත් බවක් ලබා තිබීම. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා තිබීම හා බුද්ධොත්පාද කාලයක උත්පත්තිය ලබා තිබීම වැනි දුර්ලභ ක්ෂණ සම්පත් ලැබී තිබෙන අවස්ථාවේ ඉන් නිසි ප්‍රයෝජන ගෙන සසර දුක නිවා ගැනීම සඳහා කුසල් වැඩීමට කටයුතු නොකර ඔවුන් කරන්නේ සසර දිගු කරන ලෞකික සැප සම්පත් පතා වැඳුම්, පිඳුම්, යැදුම් කිරීමය. දෙවියන්ගෙන් ඉල්ලන්නාක් මෙන් බුදුරදුන්ගෙන් ද
ලෞකික සැප සම්පත් ඉල්ලා සිටීම.
එබැවින් ඔවුහු බුදු දහමේත් අන්‍ය ආගම් වලත් වෙනසක් නොදකිති. අවශ්‍ය වන්නේ ලෞකික වුවමනාවන් ඉටු කර ගැනීම පමණක් නිසා එවැනි දේ ලබා දෙන බව කියැවෙන ඕනෑම ආගමකට ඔවුන්ව හරවා ගැනීමට කිසි අපහසුවක් නැත. පන්සල් වලින් අපට ලබා දෙන්නේ මොනවාදැයි ප්‍රශ්න කිරීමට තරම් මෙම ආගමික නූගතුන්ගේ අවබෝධය දුර්වලය. පන්සල යනු තාවකාලික සැප සම්පත් ලබා දී සසර දිගු කිරීමට කටයුතු කරන ස්ථානයක් නොව ස්ථිර සැපය වන නිර්වාණයට මඟ කියා දී සසර කෙටි කිරීමට කටයුතු කරන ස්ථානයක් බව ඔවුහු නොදනිති. එබැවින් ආහාරපාන, ඇඳුම් පැළඳුම් , රැකීරක්ෂා , මිලමුදල්, නිවාස ලබාදෙන බව කියන ආගම් වලට ඔවුන් හරවා ගැනීම ඉතාම පහසුය.
බෞද්ධ වත් පිළිවෙත් උඩුයටිකුරු වීම
මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසු දිවයින පුරා බුදු දහම සීඝ්‍ර ලෙස පැතිරී ගියේය. සමාජයේ සෑම තරාතිරකම ජනතාව බුදු දහම අවබෝධ කළ අතර, මාර්ග ඵල ලාභීහු ලක්ෂ ගණනින් බිහි වූහ. බුදුගුණ මිනිසුන්ගේ ඇට මස් නහර තුළට ද කිඳා බැස ගිය අතර සියලු ජනතාව ධර්මය තුළ ජීවත් වූහ. ත්‍රිවිධ රත්නය ඔවුන්ගේ එකම පිළිසරණ විය.
නමුත් අද බුදු සසුන හා බෞද්ධ වත් පිළිවෙත් උඩු යටිකුරු වී ඇති බව පෙනේ. බුදු සසුන හෙවත් සියලු බුදුවරයන්ගේ අනුශාසනය වන්නේ සියලු පව් කම් දුරුකර, කුසල් වැඩීමෙන් සිත නිවා ගැනීම සඳහා උත්සාහ කිරීමය. නිවන යනු සිත සම්පූර්ණයෙන්ම නිවීමට පත් වීමය. බුදු දහම යනු මෙසේ ක්‍රමයෙන් සිත නිවා ගැනීමේ උපාය මර්ගයයි. බෞද්ධයා යනුවෙන් හඳුන්වන්නේ එම බුදුමග ගමන් ගන්නා පුද්ගලයාය. බෞද්ධ ස්වරූපයෙන් වෙනත් මාර්ග වල ගමන් කරන පුද්ගලයන් බෞද්ධයන් වශයෙන් හැඳින්වීමේ හැකියාවක් නැත. මෙම බුදු මගට පිවිසෙන දොරටුව වන්නේ උතුම් ත්‍රිවිධ රත්නයයි.
නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. බෞද්ධයා ත්‍රිවිධ රත්නය හඳුනන බවක්වත් නොපෙනේ. ඒ වෙනුවට ඔවුන් විසින් කරනු ලබන්නේ බුද්ධ පුජා, බෝධී පුජා, ඤාණ පූජා, ශබ්ද පුජා ආදි වශයෙන් හඳුන්වනු ලබන පුජා විධි රාශියකි. බුදුරදුන් කිසිම විටෙක මෙවැනි පූජාවන් අනුදැන වදාරා නැත. එයින් නිවන් මගට අංශු මාත්‍රවූද පිටිවහලක් නොලැබෙන බැවිනි. බුදු දහමේ පූජා යන වචනයට දී ඇති වඩා නිවැරැදි අර්ථකථනය වන්නේ අත්හැරීම යන්නයි. අත් හැරීම නම් නිවන් මගට අවශ්‍යම දෙයකි. නමුත් අද ජනපි‍්‍රයම බෞද්ධවත් පිළිවෙත් බවට පත් වී ඇත්තේ ඉහත කී පූජාවන්ය. මේවා පින්කම් යනුවෙන්ද හඳුන්වනු පෙනේ. බුදුරජාණන් වහන්සේ කුසල් වැඩීමට මිස පින්කම් කිරීමටද උපදෙස් දී නැත. පින් පව් යන දෙකම භවගාමී ක්‍රියාවන් නිසාය. වෙනසකට ඇත්තේ පව් වලින් සත්ත්වයා දුගති මාර්ගයේ ඇදගෙන යාමත් පින් වලින් සත්ත්වයා සුගති මාර්ගයේ ඇදගෙන යාමත්ය. එබැවින් පින් පව් දෙකම සසර දිගු කරන (භවගාමී) ක්‍රියාවන්ය. එම නිසා අද බෞද්ධයා මෙම ක්‍රියාවල නිරත වන්නේ ග්‍රහ අපල, ලෙඩ රෝග දුරු කර ගැනීමේත්, රැකියා ලාභ , විභාග ජය, ආදිය ලබා ගැනීමේත්, මතු සසරේ නොයෙක් සැප සම්පත් ලබා ගැනීමේත් අතිශය ලෞකික වූ පරමාර්ථ උදෙසා මිස සසර කෙටි කර ගැනීමේ පරමාර්ථයෙන් නොවන බව පැහැදිලිය.
තවද සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවරයෙකු ලොව පහළ වන්නේද කාගෙන්වත් පූජා සත්කාර ලැබීමට නොවේ. (ජීවමාන බුදුරදුන්ට නම් ඇප උපස්ථාන කිරීම උතුම් කටයුත්තකි) බුදුවරයකු ලොව පහළ වන්නේ සසර දුකින් පෙළෙන සත්ත්වයාට නිවන් මග පෙන්වා දීමේ එකම කාර්යය සඳහාය. එබැවින් මෙම පූජා ක්‍රම බුදු දහමට අදාළ දේ නොවේ. අන්‍යාගම් වලින් ඇතුළු වී ඇති දේවල්ය. එම ආගම් වල ප්‍රධාන පිළිවෙත වන්නේ දේව පුජාවන්ය. දෙවියනට පුද සත්කාර කර දෙවියන් සතුටු කිරීමෙන් ආශීර්වාද ලබා ගැනීමය. එබැවනින් පූජා විධි වලට පුරුදු වූ බෞද්ධයාට බුදු දහමේ ගැඹුර, එහි ඇති ශාස්ත්‍රීය බව, විද්‍යාත්මක බව හා බුද්ධිගෝචර බව නොපෙනේ. එම නිසා ඔවුනට බුදු දහමේත් අන්‍යාගම් වලත් වෙනසක් දැකිය නොහැකිය. ඒ හේතුව නිසා ද ඉතා පහසුවෙන් අන්‍යාගමකට මාරුවීමේ හැකියාව ඇත.
භික්ෂූන්ගේ අඩුපාඩු
අන්‍යාගම්කරණ ප්‍රශ්නයට වත්මන් භික්‍ෂු පරපුරේ ඇති අඩුපාඩු ද බොහෝ දුරට හේතු වී ඇති බව කිව යුතුය. බුදු රජාණන් විසින් ශ්‍රාවක භික්ෂු පරපුර ගොඩනගනු ලැබූයේ සමාජයේ ඉතාම උසස් පූජනීය තත්වයක් හිමි වන ආකාරයටය. රටේ රජතුමාගෙන් වැඳුම් පිදුම් ලැබීමට හැකියාව තිබුණේ බෞද්ධ භික්ෂුවට පමණි. අනෙක් කිසිම ආගමික පූජකවරයෙකුට එම තත්ත්වය හිමි වුයේ නැත. එසේම අපගේ භික්ෂු පරපුර එම ගෞරවාන්විත තත්වය, පූජනීයත්වය මෑතක් වන තුරුම මැනවින් රැකගෙන ආහ. අන් සියලුම ආගමික පැවිද්දන් “පූජක” තත්ත්වයට පත් ව තිබූ අතර බෞද්ධ භික්ෂූන් පමණක් “ පූජ්‍ය “ තත්ත්වයට පත්ව තිබුණි.
පූජක යනු “ පූජාවන් සිදු කරනු ලබන්නා “ යන අරුත් දෙයි. එනම් දෙවියන් හා ජනතාව සම්බන්ධිකරණය කරමින් ජනතාවගේ පුජාවන් දෙවියන් වෙත ඔප්පු කිරීමේ කාර්යභාරය සිදුකරන තැනැත්තාය. නමුත් පූජ්‍ය යනු “පූජාවට හෙවත් පිදුම් ලැබීමට සුදුසු” යන අර්ථයයි. අවාසනාවකට මෙන් අද අපගේ පූජ්‍ය පක්ෂය හෙවත් බෞද්ධ භික්ෂූන් වහන්සේ පුජ්‍ය තත්ත්වයෙන් ගිළිහී ගොස් පූජක තත්ත්වයට පත් වී ඇත.
බෞද්ධ ජනතාව පිළිවෙත් පිරීමෙන් ඈත් කර තබා ඇති මෙම බෞද්ධ පුජක පක්ෂය බුද්ධ පූජා, බෝධි පූජා ආදි ඉහත කී පූජාවන් සඳහා බොදු ජනතාව මෙහෙයවනු දක්නට ලැබේ. ඒ අනුව ජනතාව විසින් රැගෙන එන බත්, ව්‍යාංජන, රසකැවිලි, මල්, පහන් ආදි පූජා භාණ්ඩ බුද්ධ රූපයක් ඉදිරිපිට තබා ගාථා කියවමින් ඒවා බුදුරදුන්ට ඔප්පු කිරීමේ “පූජක රාජකාරිය “ ඉටු කරන පිරිසක් බවට බෞද්ධ භික්ෂුව පත් වී තිබේ. එය හින්දු දේවාල වල හා කෝවිල් වල කපුවන් හා පූසාරිවරුන් විසින් කරනු ලබන රාජකාරියට සමානය. අද භික්ෂූන්ට තමන් පැවිදි බිමට ඇතුළත් වන අවස්ථාවේ කරන ලද ඉල්ලීම අමතකය. “සියලු දුකින් නිදහස් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම කසාවත රැගෙන මා හට අනුකම්පාවෙන් පැවිද්ද දුන මැනවි “ යනුවෙන් කරන ලද ඉල්ලීම අමතකය. නොඑසේ නම් භික්ෂූන් මෙලෙස ක්‍රියා කරන්නේ නැත. භික්‍ෂූන්ගේ එකම කාර්ය භාරය විය යුත්තේ හැම විටම සසර බිය දකිමින්, තමනුත් ඉන් මිදීමට යුහුසුළුව ක්‍රියා කරමින් දායක ජනතාවද, නිසි පිළිවෙත් මගෙහි ගමන් කරවීමය
Nodin on 21 Aug 2011 at 3:05 pm #
Dude, right on there bohretr.