Published by Anver on 26 Dec 2009 at 08:47 pm
ආගමික අයිතීන් සහ නිදහස සුරකින සමාජයක්
ප්‍රිය මිතුර/මිතුරිය,
තවත් සංවාදයකට තුඩු දිය යුතු මාතෘකාවක් අද මම ඔබ වෙත ඉදිරිපත් කරමි. එය නම් අන්තර්ජාතික කුමන්ත්‍රණ හමුවේ සිය අනන්‍යතාවය නැතිකරගත්, විජාතික සිතිවිලි ඇති, ජාතික වාදීන් විසින් අපේ රටේ මුස්ලිම් දැරියන්ට සිය ආගමානුකූල වස්ත්‍රය හැද පාසලට යාමට වාරණය කිරීමයි.
මගේ අදහස නම් මෙය පිටුපස සිටින්නේ බටහිරවාදී බලවේගයන්ය. එයට හේතුව වර්තමාන මුස්ලිම් දරු දැරියන්ට ශ්‍රී ලංකාව තුල ෆර්දාව හැද පාසල් ඒමට වැඩියෙන්ම බාධා කරන්නේ කතෝලික සහ ක්‍රිස්තියානි බලය වැඩි පාසැල් තුල වීමයි.
පහත සදහන් අදහස් මා උපුටා ගත්තේ තවත් බ්ලොග් එකකිනි. එමනිසා එම ලිපිනයද සහිතව ඔවුන්ගේ අදහස් උපුටා දක්වමි.
මේ සම්බන්ධ වීඩියෝ පටය නැරඹීමට පහත ක්ලික් කරන්න.
මුස්ලිම් බාලිකාවන්ගේ පර්දාව ගැලවීම December 27, 2008
Posted by gayankt in කාලීන.
Tags: ආගම්වාදීන්, ජාතික හෙළ උරුමය, ජාතීවාදීන්
trackback
බොරදියේ මාලු බාන්නා වූ ජාතික හෙළ උරුමය ඇතුලු ජාතීවාදී හා ආගම්වාදී සංධානයේ තවත් හාස්‍යජනක වෑයමක් නම් මුස්ලිම් බාලිකාවන්ගේ පාසල් නිළ ඇදුමේ අංගයක්ව පැවති පර්දාව ඉවත්කීරීමට තැත් කිරීමයි. මෙයින් මේ ඊනියා පිරිස දත කන්නේ සිංහළ බෞද්ධයන් පමණක් සිටින ලංකාවක් දැකීමද නැතහොන් සිංහළ බෞද්ධ බාලිකාවන්ට ළමා සාරි අන්දවා පාසල් යැවීමට නොහැකිවීමේ පළියද යන්න ප්‍රශ්නයකි.
ගයාන් තිලකරත්න.
27-12-2008
http://gayankt.wordpress.com/2008/12/27/මුස්ලිම්-බාලිකාවන්ගේ-පර්/
Visal on 10 Jan 2010 at 5:36 pm #
හපොයි!!!
mama on 14 Feb 2010 at 2:46 am #
අහන්න ලැබීම සතුටක් ….