Published by Anver on 07 Feb 2010 at 05:37 am
ඉස්ලාම් නම් ජීවන මාර්ගය
ඉස්ලාම් නම් ජීවන මාර්ගය
ඉස්ලාම් යන වචනය සිංහල බසින් අර්ථ ගැන්වු කල පාරමිතාව සහ සහජීවනය ලෙස සාරාංශගත කල හැක. ජීවිතයේත් ආධ්‍යාත්මය සියලුම අංගෝපාංග අඩංගු වන තරමට දිගින් සහ පළලෙන් අසීමිත අයුරින් පුළුල් ක්‍රමයක් එය තුල අඩංගුය. සංතුෂ්ටියත් සොම්නසත් කරා මිනිසාව යොමු කරන සියලුම මාර්ග එය හඳුනයි. සමාජිය හෝ වේවා පුද්ගලික හෝ වේවා මිනිසා විසින් මුහුණ දෙන ලද සියලුම පීඩන හා ගැටලු වලට එමගින් විසඳුම් සැපයෙන අතර ඒවා ඕනෑම කෙනකුට අවබෝධ කර ගත හැකි අන්දමට ඉතා සරලව ඉදිරිපත් කරයි. සෑම පුද්ගලයකුගේම සියලු පැති සංවර්ධනය කිරිමට මාන බලන හෙයින් මානව පැවැත්මට අදාල සියලුම යථාර්ථයන් එහි අන්තර්ගතය.
මිනිසා පිළිබඳ එහි දර්ශනය තුලට නූතන සබඳතාවයන්ට හෝ දූෂිත ප්රඥාප්තීන්ට අවසර නොදෙයි. මිනිසාට දෙවිඳුන්ගේ ස්ථානයද ලබා නොදෙයි. මන්ද එසේ කිරීමෙන් ඔහුගේ මාන්නයටත් ආත්මාභිමානයටත් උඩගුකමටත් තමන් මතම රැඳී සිටින තත්වයට, මායාවක් වෙතට තල්ලු කරනු ඇත. එසේ නැත්නම් ස්වභාවයේත් භෞතිකත්වයේත් කෲරකම් අභියස කිසිත් කර කියා ගත නොහැකි අබල දුබල වහලෙක් හා අනුන්ට කරදරයක් බවට විස්තර විය හැක. මිනිසා සතු විශිෂ්ඨ හා අද්විතීය ස්වභාවය පැහැදිලි කරන ඉස්ලාම් ඔහුටම ආවේනික වු උත්තරීතර අරමුණක් වෙනුවෙන් ඔහු මවනු ලැබ ඇති බවට අවධාරනය කරයි. එමෙන්ම ඉස්ලාමීය දෘෂ්ඨියට අනුව මරණය සමගින් මිනිසාගේ පුද්ගලිකත්වයේ පැවැත්ම අහෝසි නොවන්නේය. එය දිගටම සදාකල් පවතින්නේය. ලෞකික සහ ලෝකෝත්තර යන ද්වය නොබෙදී පවතින සංයුතියක් වේ. ශරීරය සහ ආත්මය අර්ථ විරහිත ධාතු ලෙසට විසිර නොයයි. මේ පදනම මත ඉස්ලාම් දෙලොව ගැනම පැහැදිලි ලෙස විස්තර කරයි. සදාකාලික බවට මිනිසා පුහුණු කිරීමට අමතරව මෙලොවදී එහි පොදු ප්රඥාප්තීන්ට මග පෙන්වන ප්රතිපත්තීන්ද මිනිසාගේ නිර්මාණය තුලම සහජයෙන්ම පිහිටි උත්තරීතර ඉරණමද සොයා බලයි.
සදාතනික භාවය මගින් වෙනස් නොවන වෙනස් කල නොහැකි විශ්ව රීතීන් ද ඉගැන්වේ. මේවා අත්‍යන්ත සංතුෂ්ටිය පිළිබද සිය චින්තනයට හා දියුණුව කරා ගෙන යන බලවේගයට අදාල ධර්මතාවන් විශ්වාසය නියෝග හා අණපනත් ලෙස ඉස්ලාම් සලකයි. සමාජ අවශ්‍යතාවයන්හිදී දිව්‍යමය නීතිරීති විග්රහ කිරීමට මෙන්ම සිතීමටත් සම්පුර්ණ නිදහස මිනිසාට ලබා දෙයි. මේ අවිනිශ්චිත ලොව ජීවිතයේ සිදුවන ඕනෑම වෙනස්කම් හෝ සිදුවීම් වලදී ප්‍රබල අඩිතාලම ලෙස පවතින පරම සත්‍යය සපයන මුලික ප්‍රතිපත්ති වෙතට නිරායාසයෙන්ම යොමු කරයි.
මිනිසා සතුව ඇති විශේෂ ලක්ෂණ කිහිපයකි. භෞතික ලෝකය සමග ඔහු සම්බන්ධ කරන්නේ ඒවා මගිනි. ඔහු සතු තවත් ලක්ෂණ සම්ප්රදායක් මගින් පාර භෞතික දෑ සමග ඔහු සම්බන්ධ කරනු ලබන අතර ඉතා උසස් ගණනයේ අපේක්ෂාවන් හා අරමුණු ඔහු තුල ජනිත කරයි. ආත්මයත් ශරීරයත් මනසත් ඒවාටම ආවේනික ආකර්ශණයන්ගෙන් යුක්තය. මේවා එකිනෙක සුදුසු අයුරින් සැලකිල්ලට ගත යුතුය.
මනුෂ්‍ය ස්වභාවයේ සියළුම මුහුණුවර හා පැති සැලකිල්ලට ගනිමින් ඉස්ලාම් ඒකාබද්ධ වු භෞතික හා පාර භෞතික අපේක්ෂාවන්ගේ සංයුතිය වෙනුවෙන් අවශ්‍ය සැපයුම ලබාදෙයි. ඔහු ඉතා උසස් තලයන් වෙතටද රැගෙන යන්නේ භෞතිකත්වය තුල ඔහුගේ මුල් කපා නොහරිමිනි. එහි ජීවය එක් අන්තයක සිට තවත් අන්තයක් දක්වා දිව යන්නේ විශ්වාසය හා රෙගුලාසීන් වැනි ජීවමාන ස්නායු පද්ධතියක් තුලිනි. ඒවා මගින් මිනිසා තුල ස්වභාවයෙන්ම පිහිටි සහජත්වයන්ගේ සරලතාවය අපේක්ෂා කරනු ලබන අතර මිනිසා සතෙකුට සමාන තත්වයකට තල්ලු නොකරයි. අසීමිත නිදහස පිළිබද සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිද්ධාන්තයද ප්‍රතික්ෂේප කරයි.
ඉස්ලාම් පාර භෞතික සංකල්පනාවන්ගේ හා එවැනි අදහස් වල වට්ටෝරුවක් නොවේ. මිනිසාගේ සමාජීය පැවැත්ම හැඩගැස්වීම සදහා පමණක් පැමිණි ධර්මතාවයක් ද නොවේ. එය පුළුල් හා අර්ථවත් ජීවන මාර්ගයකි. එය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන ලද ඉලක්කයන් කරා අධ්‍යාපනය සමාජය හා සංස්කෘතිය හැඩ ගස්වයි. පෙරදිගටත් අපරදිගටත් එකතු විය හැකි මධ්‍යස්ථානයක් සාදා දෙන ඉස්ලාම් ඔවුන්ගේ විෂමතා සහිත භෞතික වාදයන්ට පිළිතුරු සැපයිය හැකි සිද්ධාන්තයක් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ අසාමානතාවයන් හා පරස්පරතාවයන් වෙනුවෙන් වඩාත් විශ්වීය පරිපුර්ණ හා ප්‍රබල ප්‍රතිපත්තියක් ඉන් ලබා දිය හැක.
කිසි විටෙකත් ඉස්ලාම් විසින් කිසිදු භෞතික සම්පතක් හෝ ලෞකික ප්රමෝදයක් පරම සංතුෂ්ඨිය සදහා වු පදනමක් ලෙස නොසලකයි. ඒ මගින් ඊට අදාල මුලික රීතින් මිනිසාගේ සැබෑ ස්වභාවය පිළිබද විශ්ලේෂණයක් තුලින්ම උකහා ගනු ලැබේ. මේ රීතින් පදනම් කරගෙන මිනිසාගේ පුද්ගලික සමාජමය මෙන්ම අන්තර්ජාතික ජීවනය සදහා අවශ්‍ය සැලසුම ගොඩ නංවයි. ස්ථිරසාර මෙන් සියලුම පැති අන්තර්ගත කරගත් සදාරචාරමය ප්රමිතීන් එහි රාමුව සකසයි. නුතන ලෝකයේ පවතින භෞතිකවාදි පරමාර්ථයන්ට වඩා බොහෝ සෙයින් ඉහල අරමුණක් මනුෂ්‍යත්වය සදහා සොයා දෙයි. ඉස්ලාම් අනුව භෞතිකවාදි හා ආර්ථිකමය සීමාවන් තුල මිනිසා සිරකරගනු නොලබයි. ඔහු වෙනුවෙන් ඉතා පුළුල් හා විශාල පරාසයක් සකස් කර දෙයි. එය ආචාරධර්ම ප්රතිපත්තීන් හා ආධ්‍යාත්මයේ වාතාවරණයකි. එහි ව්‍යවස්ථාවන් මිනිස් ස්වභාවය තුලින්ම උකහා ගත් ඒවාය. අන්‍යෝන්‍ය සහජීවනයත් කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමත් ඒවා මගින් උනන්දු කරවයි. භෞතිකවාදි අපේක්ෂාවන්ගේ දුර්වල හා සාමාන්‍ය ආදර්ශ මගින් පුද්ගලයාට හා සමාජය වෙත පනවනු ලැබ සිටින පටු සීමාවන්ට ඔබ්බෙන් පිහිටි සහජතාවන්ගේ දියුණුව හා පරිපුර්ණත්වය වෙත ඔහු ඇදගෙන යාම සදහා මිනිසාගේ හැකියාවන්ට හා උත්සාහයන්ට මග සලසයි.
ඉස්ලාමිය ශික්ෂණය මගින් මනුෂ්‍ය ගතිගුන පිරිසිදු කර පෝෂණය කරයි. නිවැරදි හා සාධාරන පරමාර්ථ සදහා සුදානම් කරයි. එම පරමාර්ථ මගින් අපේක්ෂිත ඉලක්කයට එලඹීම සදහා ගත යුතු සෑම ඉදිරි පියවරක්ම නියම කර පැහැදිලි කරදෙනු ලැබෙයි. මිනිසාගේ ස්වභාවික ආශාවන් හා මුලික අවශ්‍යතාවයන්ගෙන් පැන නගින ඔහුගේ පෙළඹීම් කෙරෙහි අවධානය යොමු කරන අතර සෑම කුසලතාවයක්ම ඒවාටම අදාල ක්‍රියාකාරීත්වය පිලිවෙලින් ඉටුකිරීමට අවශ්‍ය පැහැදිලි හා ඒකාබද්ධ මාර්ගෝපදේශ ලබා නොදෙයි. එයින් වේගවත් හා අසංවිදිත ආනුභාවයත් හා පෙළඹීම් පාලනය කරනු ලබන නිසා ඉතා සුලු ආශාවක් මගින් සාමාන්‍ය බුද්ධිය ඉක්මවා යාමත් වළක්වා ගනු ලබයි. මිනිසා ඔහුගේ ආත්මයේ ස්වාමියා ලෙසත් ඉරණමේ නියමුවා ලෙසත් පත් කරනු ලබයි. අතිරික්තය පහ කරනු ලබන අතර සෑම පුද්ගලයකුටම ඔහුට හෝ ඇයට හිමි විය යුතු සාධාරණ කොටස සියල්ලන්ගේම ජයග්‍රහණයේදි වෙන් කරනු ලැබේ. මෙම ව්‍යායාමයේදි ශරීරයේ මනසේ හා ආත්මයේ අවශ්‍යතාවයන් නිසි අන්දමට සපුරා දෙනු ලබයි.
ඉතිහාසය තුල මෙවැනි අරමුණු සාක්ෂාත් කර ගැනිම සඳහා පුද්ගලයෝ සහයෝගයෙන් එකමුතුව කටයුතු කරන අවස්ථාවන්හි එම පුද්ගලයින් හා සමාජිකයින් තමන්ගේ අනන්‍යතාවය සොයා ගත්තෝය. නිවැරදි දේ චින්තනයේත් චරිතයේත් හැසිරිමේත් බලපැවැත්විණි. මානව ජිවිතය පිළිවෙලටත් සුරක්ෂිතවත් සිදු කෙරිණි. මෙවන් ශික්ෂනයක අවශ්‍යතාවය අපගේ බුද්ධිය මගින්ද විධානය කෙරේ. මිථ්‍යාවන්ගෙන් තොර විශ්වාසයත් ප්‍රායෝගික නීති පද්ධතියක් සහ උත්තරිතර අගයන් සහිත ආගමක අවශ්‍යතාවය පිළිබඳ අවබෝධයද ලබා දෙයි. දෙවිඳන්ගෙන් මිනිසාට ලබා දුන් සහජ බුද්ධිය හා ඥානය මේවායේ අඩංගු සත්‍යය මොනවට අවබෝධ කරදෙයි.
කිසිදා මිනිසකුගෙන් ඔහුගේ ශක්ති ප්‍රමාණයට වඩා යමක් කිරිමට බලකරනු නොලැබෙයි. එහෙත් ඔහුගේ සියලුම ශක්තීන් සම්පුර්ණයෙන් යොදවා ගැනීමට අවස්ථාව සැලසි තිබේ. ඔහු තුල වු සෑම ශක්‍යතාවයක්ම පරිපුර්න ආකාරයෙන් ප්රකාශනය කරනු ලබයි. මෙලොව සිටින සෑම කෙනෙකුටම මතු දෙවිඳුන් අභියස දේව විනිශ්චයක් තිබෙන අතර මෙම අවසාන විනිශ්චය දිනයේදී ඒවා සැම එකක්ම විනිශ්චයට භාජනය වන අතර සෑම මිනිසෙකුගේම ක්‍රියාවන් කෙබඳ වීදැයි එහිදී ඔප්පු වෙයි.
යකා on 07 Feb 2010 at 9:43 am #
අනේ මෙහෙම ඇහුවට තරහ වෙන්ඩ එපා. හැමෝම එක මිම්මෙන් මනිනව නෙමේ.
අදටද පකිස්ථානයේ ඉන්දියාවේ සිදුවන අල්ලාහ් දෙවියන් ගේ නාමයෙන් කරන ක්‍රිස්තියානි සංහාර බංගලාදේශයේ සිදුවන බෞද්ධ සමූල ඝාතන ඉස්ලාම් දහම අනුමත කරනවද? තමාගේ වර්ගයා මේ ලෝකය පාලනය කල යුතුයි කියන එකත් මේ ලෝකයේ ඉස්ලාම් දහම (ඉස්ලාම් ආගම අදහන මිනිසුන් පමණක්) පමණක් තිබිය යුතුයි කියල කුරානයේ තියෙන එකත් හරිද? (මේ කුරානයේ සඳහන් කාරනා පැහැදිලි විග්රහ කර ඇති බව ඔබ අප සියළු දෙනා දන්නා බැවින් එය ප්‍රතික්ෂේප කිරීම නිෂ්පල කාර්යයකි.)
ආගමක මූලික කාර්යය මිනිසා දෙවියන්ට ලඟා කිරීම නම් ආගමේ නාමයෙන් මිනිසුන් මැරීම ඔබ අනුමත කරනවානම් මේ ලිපියේ සියුම් කාරනා විශේෂණ පද යොදා කුරානය හෝ ඉස්ලාම් දඑම විග්රහ කිරීමෙන් කෙනෙකු අල්ලාහ් වෙතට නැඹුරු කර ගැනීමේ ඇති ඵලය කුමක්ද?
ඔබ ලිපියේ ආයාසයෙන් සඳහන් කල දේවල් සියල්ල මේ කාරනා සමඟ සැසදෙන්නේ කෙසේද?
muddypig on 07 Feb 2010 at 2:06 pm #
එහෙත් ඔහුගේ සියලුම ශක්තීන් සම්පුර්ණයෙන් යොදවා ගැනීමට අවස්ථාව සැලසි තිබේ like baby making
Anver on 08 Feb 2010 at 6:05 am #
සහෝදරය පකිස්ථානයේ සිදුවන ක්‍රිස්තියානි සංහාරය කුමක්ද? කොතැනද? බටහිර මාධ්‍ය ප්‍රෝඩාවට හසුවන්නට එපා. පකිස්ථානයේ ක්‍රිස්තියානි සංහාරයක් තිබෙනවා නම් යූසුෆ් යොහානා වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් ඉස්ලාමය වැලදගෙන මොහොමඩ් යූසුෆ් බවට පත්වුයේ ඇයි? ඔහුට ඉස්ලාමයට එනු වෙනුවට මෙම ඊනියා ක්‍රිස්තියානි සංහාරයේ තතු ලොවට හෙලිකල යුතුව තිබුණා නොවේද?
බංගලාදේශයේ බෞද්ධ සංහාරයක් සිදුවෙලා නැහැ. සිදුවී තිබෙන්නේ ප්‍රථිමා වදින අයට කරදර සිදුවීමයි. එම රට මුස්ලිම් රටක් වෙනත් ආගමක් ඇදහීමට එහි ප්‍රශ්ණයක් නැහැ. නමුත් මෙහෙ වගේ බොරුවට පිළිම අඹාගෙන ඒවාට වදිමින් බොරු දේවල් කරන්න එහි බැහැ. බුදු දහමේ ප්‍රථිමා වන්දනයක් නැහැ නේද? ඉස්ලාමය තුල අන් ආගමිකයන්ට තමන්ගේ ආගමික අයිතීන් සුරක්ෂිතය.
ලොව විශාලතම බුද්ධ ප්‍රථිමාව (බොරෝ බුදූර්) පිහිටා තිබෙන්නේ කොහේද? ලොව විශාලතම මුස්ලිම් රටවන ඉන්දුනිසියාවේ නොවේද? එය මේ වන තෙක් ආරක්ෂා කරන්නේ මුස්ලිම් වරු නොවේද? බෝධි සත්වයන් දුශ්කරක්‍රියා කරන ආකාරය සිහිගන්වන ලොව විශාලතම ප්‍රථිමාව තිබෙන්නේ පකිස්ථානයේ බව ඔබ නොදන්නේද?
දහමක මුලික කාරණය මිනිසා දෙවිදුන් වෙත ලගා කිරීමයි. ආගමේ නාමයෙන් මිනිසුන් මැරීමක් ඉස්ලාමයේ නොමැත. ඔබ යම්කිසි චෝදනාවක් කරන්නේ නම් එහි පදනමද සහිතව යොදන්න. එසේ නොමැති නම් එය පාළුගෙයි වලං බිදීමකට සමානය.
මම ආයාසයෙන් කිසිවක් සදහන් නොකලෙමි. මේ සියල්ල ඉස්ලාමය තුල තිබෙන නිසා නිරායාසයෙන් මෙම ලිපිය සකස් කළෙමි.
Anver on 08 Feb 2010 at 6:08 am #
මෙවැනි හොද මාතෘකාවකදීත් ඔබට මතක් වන්නේ ඒක පමණක්ද?
යකා on 08 Feb 2010 at 6:13 am #
තමාගේ වර්ගයා මේ ලෝකය පාලනය කල යුතුයි කියන එකත් මේ ලෝකයේ ඉස්ලාම් දහම (ඉස්ලාම් ආගම අදහන මිනිසුන් පමණක්) පමණක් තිබිය යුතුයි කියල කුරානයේ තියෙන එකත් හරිද? (මේ කුරානයේ සඳහන් කාරනා පැහැදිලි විග්රහ කර ඇති බව ඔබ අප සියළු දෙනා දන්නා බැවින් එය ප්‍රතික්ෂේප කිරීම නිෂ්පල කාර්යයකි.)
පැහැදිලි කිරීමක් අවශ්‍යය?
බුධාජීව on 08 Feb 2010 at 6:48 am #
එළකිරිස්! ඉස්ලාම් ගැන ලියවෙන සිංහල අඩවියක් දැක්ක පළවෙනි අවස්ථාව. දිගටම කරන් යන්න සුභ පතනවා!
මගෙත් ඉස්ලාම් අදහන යාළුවො කීප දෙනෙක් ඉන්නවා. ඉඳල හිටල ඉතින් ඉස්ලාම් වල තියන දේවල් ඒ අයගෙන් අහගන්නවා. ඒත් ඉස්කෝලෙ වැඩත් එක්ක වැඩිය ඒ ගැන කතා කරන්න වෙන්නෙ නෑ. මේක හොඳ වැඩක්!
***
[said]
බංගලාදේශයේ බෞද්ධ සංහාරයක් සිදුවෙලා නැහැ. සිදුවී තිබෙන්නේ ප්‍රථිමා වදින අයට කරදර සිදුවීමයි. එම රට මුස්ලිම් රටක් වෙනත් ආගමක් ඇදහීමට එහි ප්‍රශ්ණයක් නැහැ. නමුත් මෙහෙ වගේ බොරුවට පිළිම අඹාගෙන ඒවාට වදිමින් බොරු දේවල් කරන්න එහි බැහැ. බුදු දහමේ ප්‍රථිමා වන්දනයක් නැහැ නේද? ඉස්ලාමය තුල අන් ආගමිකයන්ට තමන්ගේ ආගමික අයිතීන් සුරක්ෂිතය.
[/said]
බුදු දහමේ තිබෙන්නේ ප්‍රතිමා වන්දනයක් නෙවේ. රූපවලට වන්දනයෙන් ලබා ගත හැකි දෙයක් නෑ. නමුත් බුද්ධ ප්‍රතිමා බෞද්ධයන් භාවිතා කරන්නේ බුදුන් වහන්සේ සඳහා ඉදිවු සිහි වටනයක් ලෙස. බුදු දහමේ අරුතක් තිබේවා හෝ නොතිබේවා, ප්‍රතිමා වන්දනය ඉස්ලාමයට අනුව අර්ථ විරහිත වූ පමණින් බෞද්ධයන්ටද එයින් වැළකීමට බල කිරීම ඊටත් වඩා අර්ථ විරහිතයි. එයින් මිනිසුන් අතර සමානාත්මතාවය සහ සහජීවනය යන ඉස්ලාම් ප්‍රතිපත්ති බිඳෙනවා නොවේද?
[said]
ලොව විශාලතම බුද්ධ ප්‍රථිමාව (බොරෝ බුදූර්) පිහිටා තිබෙන්නේ කොහේද? ලොව විශාලතම මුස්ලිම් රටවන ඉන්දුනිසියාවේ නොවේද? එය මේ වන තෙක් ආරක්ෂා කරන්නේ මුස්ලිම් වරු නොවේද? බෝධි සත්වයන් දුශ්කරක්‍රියා කරන ආකාරය සිහිගන්වන ලොව විශාලතම ප්‍රථිමාව තිබෙන්නේ පකිස්ථානයේ බව ඔබ නොදන්නේද?
දහමක මුලික කාරණය මිනිසා දෙවිදුන් වෙත ලගා කිරීමයි. ආගමේ නාමයෙන් මිනිසුන් මැරීමක් ඉස්ලාමයේ නොමැත. ඔබ යම්කිසි චෝදනාවක් කරන්නේ නම් එහි පදනමද සහිතව යොදන්න. එසේ නොමැති නම් එය පාළුගෙයි වලං බිදීමකට සමානය.
[/said]
ඇත්ත. ගැටළුව ඇත්තේ ආගමේ නොවේ. ආගම් තමන්ට ඕනෑ විදියට හරවාගන්නට උත්සාහ කරන අයගේ වැරදි ක්‍රියා කලාපයේ.
නැවත වතාවක් සුභ පැතුම්!
muddypig on 08 Feb 2010 at 11:14 am #
“මෙහෙ වගේ බොරුවට පිළිම අඹාගෙන”
“බංගලාදේශයේ බෞද්ධ සංහාරයක් සිදුවෙලා නැහැ. සිදුවී තිබෙන්නේ ප්‍රථිමා වදින අයට කරදර සිදුවීමයි.”
බොරුවට හෝ වෙනයම් දේකට ඔවුන් පිළිමවලට වදින එක වලක්වන්න මුස්ලිම් මිනිස්සුන්ට බෑ……
අනිත් කාරනේ ලෝකයේ ඉන්න තරමක් ඉන්න ත්‍රස්ථවාදීන් මුස්ලිම් (ඇමරිකානු ත්‍රස්ථවාදීන් , ඉන්දියානු හෝ හින්දු ත්‍රස්ථවාදීන් , රුසියානු ත්‍රස්ථවාදීන්) කියා කොහේවත් ත්‍රස්ථවාදීන් නෑ ඉන්නේ මුස්ලිම් ඔවුන් ආගමේ නමින් මේ කරන විනාශය ගැන මොකද කියන්නේ.
muddypig on 10 Feb 2010 at 1:19 pm #
im waiting ur reply bro
Visal on 10 Feb 2010 at 2:40 pm #
“නමුත් මෙහෙ වගේ බොරුවට පිළිම අඹාගෙන ඒවාට වදිමින් බොරු දේවල් කරන්න එහි බැහැ.”
යම් කෙනෙක් එහෙම කලයි කියමු.(ආගම බුදුදහමද හින්දු දහමද ක්‍රිස්තියානිද කියන එක ගැන නෙමේ මේ කියන්නෙ..regardless of the religion) එතකොට එහෙම කරන අයට කුරානයේ, හඩිත් වල නියෝග කරලා තියන දඩුවම මොකක්ද..
“බොරු දේවල්”, “බුදු දහමේ ප්‍රතිමා වන්දනාව තියනවද නැද්ද කියන එක”, “හරි වැරැද්ද” ගැන නෙමේ මේ අහන්නෙ..දඩුවම විතරක් කියන්න..
Anver on 10 Feb 2010 at 7:05 pm #
ඉස්ලාම් දහමක් මිස ජන වර්ගයක් නොවේ ලෝකයේ නොයෙක් ජන වර්ග ඉස්ලාම් අදහති. මුළු ලොවම ඉස්ලාමය පාලනය කළ යුතු යැයි ඉස්ලාමය තුල සදහන් නොවේ. කරුණාකර යම්කිසි චෝදනාවක් කරන විට එහි පදනම සහ කොතැනින් උපුටා ගත්තේදැයි උපුටා දැක්වීමද සමග කරන්න.
කවුරුන් හෝ කිසියම් දෙයක් පැවසූ සැනින් විශ්වාස කරන්න එපා එහි සත්‍යභාවයක් තිබේදැයි මූලාශ්‍ර ගෙන බලන්න.
Anver on 10 Feb 2010 at 7:24 pm #
නැවත වතාවක් මම බංගලාදේශයේ සිදුවන සැබෑ තත්වය මම ඔබට වටා දෙන්නම්. බංගලාදේශයේ 83% ක් මුස්ලිම් බෞද්ධ ප්‍රතිශතය 0.07% යි. මේ රටේ මෙතරම් සුළුතරයක් බෞද්ධයන් සිටියද මොවුන් වසර දහසටක වැඩි කාලයක සිටන් පැවත එන අයයි. නමුත් මොවුන් එන්න එන්නම සුළුතරයක් වෙමින් පවතිනවා. මේ අයට එම රටේ තමන්ගේ ආගමානුකූලව ජීවත් වෙන්නට ගැටළුවක් නැහැ. මේ අය බොහෝ දෙනෙක් සිටින්නේ කදුකරවයි.
මේ රටේ සිටින මුස්ලිම්වරුන් ප්‍රථිමා වන්දනය පිළිකුල් කරනවා. ඒක හරියට අපේ රටේ සමහර සිංහල අය මුස්ලිම් අය ගවමස් කන නිසා පිළිකුල් කිරීමට සමානයි. මේ නිසා ප්‍රධාන නගරවල මේ බෞද්ධයන්ට තමන්ගේ බුද්ධ ප්‍රථිමා තැනීම වැනිදේ කිරීමට මිනිසුන් විරුද්ධ වෙනවා. බුදු පිළිම නොතනා භික්ෂු ආවාසයන් ඇති කර ගත්තා නම් ඔවුන්ට මෙවැනි ප්‍රශ්නයක් නොවන බව මගේ හැගීමයි.
ලංකාවේද බොහෝ පලාත් වල මුස්ලිම් පල්ලි සෑදීමට ඉඩ නොදෙන බව ඔබ දන්නවාද? නමුත් එම පලාත්වල අර බංගලාදේශයේ වගේ නොවේ. පල්ලියක් තනන්නේ මුස්ලිම් අය කිසියම් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින ස්ථානයක පමණි.
Anver on 10 Feb 2010 at 7:34 pm #
යම් කෙනෙකු පිළිම වැදීම වලක්වන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැහැ. බංගලාදේශයේ ප්‍රථිමා ඕනෑ තරම් තිබෙනවා. මොවුන්ට ප්‍රශ්නයක් වන්නේ ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රථිමා තැනීමේදීයි. නමුත් මේවාට විරුද්ධව බලකිරීම ඉස්ලාමයේ ප්‍රතිපත්තිය නොවේ එම රටේ මුස්ලිම්වරු හරියාකාරව ඉස්ලාමයට අනුව නොසිටින නිසා තමයි මේ ප්‍රශ්ණ.
නමුත් තවත් දෙයක් තිබෙනවා රම රටේ මුස්ලිම්වරු හරියාකාරව ඉස්ලාමයට අනුව සිටියා නම් අද එම රටේ එකම බොදුනුවෙක්වත් නොසිටින බව මගේ විශ්වාසයයි. ඒ නිසා ඔවුන් ඉස්ලාමයට අනුකූලව නොසිටීම අන්‍යාගමික පූජකයන්ට නම් හිතකරයි. මොකද නැත්නම් ඔවුන්ට බිස්නස් නැති වෙනවා.
Anver on 10 Feb 2010 at 7:35 pm #
කාර්යබහුල නිසා ප්‍රමාද ඇති වෙනවා ඒවාට සමාව දෙන්න.
Anver on 10 Feb 2010 at 7:42 pm #
ආ… විසල් කොහොමද? කාලෙකට පස්සේ.
ඉස්ලාමීය නීතිය පවතින රටක අන්‍යාගමිකයින් තම ආගම කුමණ ආකාරයකට ඇදහීම කලද එය ඉස්ලාමයට අනුව ඔවුන්ට නිදහස තිබෙනවා. ඔවුන්ට නියම කරපු දඩුවමක් ඉස්ලාමයේ නැහැ. මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන්ගේ කාලයේ මදිනා නුවරද අන්‍ය ආගමිකයන් සිටියා ඉන්පසුව රාජ්‍ය නායකයා වුණු අබූබකර් තුමාගේ රාජ්‍යයේද අන්‍යාගමිකයන් සිටියා. ඉන්පසුව පාලකයා වුණු උමර්තුමාගේ කාලයේ අන්‍යාගමිකයන්ගේ ආරක්ෂාව සදහා ඇතිවුණු ලොව පලමුවන ගිවිසුමද ඇති වුණි.
muddypig on 11 Feb 2010 at 12:33 pm #
“මොවුන්ට ප්‍රශ්නයක් වන්නේ ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රථිමා තැනීමේදීයි” අපේ රටේ වැඩි ප්‍රතිශතය බෞද්ධ
අපිටත් ප්‍රශ්නයක් ජනාකීර්ණ ප්‍රදේශවල පල්ලි හදාගෙන මරහඩ තලන එක ඒකට අපි මොකුත් කරනවට අකමැතී නේද ? ඒකට මොකද කියන්නේ
අපේ රටේ බෞද්ධයො හරියාකාරව සිටියා නම් අද මේ රටේ හතර දිබ්බාගයේ පල්ලි හදන්නත් එකම මුස්ලිම් කෙනෙක් වත් නොසිටින බව මගේ විශ්වාසයයි.
Anver on 13 Feb 2010 at 10:17 pm #
අද අප රටේ පිරිසිදු බුදු දහමක් කියලා එකක් තියෙනවාද?
muddypig on 14 Feb 2010 at 5:47 am #
මේ විදිහට උඹල ඒක විනාස කරනකොට එකක් ඉතුරු වෙයිද…….
මේ සමග මේ සහෝදරයා වෙනත් ෆෝරම් එකක ලින්ක් එකක් එවා තිබුණා. එහි තිබුණේ කූරගල සහ දෙවනගල බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම්වරුන් විසින් ආක්‍රමණය කිරීමක් ගැනයි.
Anver on 14 Feb 2010 at 9:41 pm #
සහෝදරය,
ඔබ ඉතා ආවේගශීලී ආකාරයෙන් කටයුතු කරන කෙනෙක් ඔබ මේ විදියට ආවේගශීලීව කටයුතු කරනවා නම් අපට සංවාදයක් කරන්න බැහැ.
muddypig on 15 Feb 2010 at 3:13 am #
මේ සමග මේ සහෝදරයා වෙනත් ෆෝරම් එකක ලින්ක් එකක් එවා තිබුණා.
සහෝදරයා
කෝ ඒ ලින්ක් එක……
ඇයි ඒක අයින් කලේ…?
(හේතුව කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික හෝ තියන නිසා)
Visal on 15 Feb 2010 at 5:26 am #
“ආ… විසල් කොහොමද? කාලෙකට පස්සේ.”
හොදින් ඉන්නවා අයියා!!
“ඉස්ලාමීය නීතිය පවතින රටක අන්‍යාගමිකයින් තම ආගම කුමණ ආකාරයකට ඇදහීම කලද එය ඉස්ලාමයට අනුව ඔවුන්ට නිදහස තිබෙනවා. ඔවුන්ට නියම කරපු දඩුවමක් ඉස්ලාමයේ නැහැ. මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන්ගේ කාලයේ මදිනා නුවරද අන්‍ය ආගමිකයන් සිටියා ඉන්පසුව රාජ්‍ය නායකයා වුණු අබූබකර් තුමාගේ රාජ්‍යයේද අන්‍යාගමිකයන් සිටියා. ඉන්පසුව පාලකයා වුණු උමර්තුමාගේ කාලයේ අන්‍යාගමිකයන්ගේ ආරක්ෂාව සදහා ඇතිවුණු ලොව පලමුවන ගිවිසුමද ඇති වුණි.”
එසේ නම් වත්මන් සවුදියේ ප්‍රතිමා වන්දනාමානය තහනම් කර ඇත්තේ ඇයි..
(මං මේ බුදුදහම ගැන නෙමේ කතා කරන්න..පොදුවේ හැම ආගමක් ගැනම..)
නබි තුමාගේ (එතුමාට ක්ෂාන්තිය) කාලයේ තිබුණු යහපාලනය (ඔබ ඉහත සදහන් කළ ආකාරයට) දැන් නැති හැඩයි..
කතාවක් තියනවානෙ පහු පහු වෙන කොට කොහු කොහු කියලා..
Visal on 15 Feb 2010 at 5:40 am #
“නමුත් තවත් දෙයක් තිබෙනවා රම රටේ මුස්ලිම්වරු හරියාකාරව ඉස්ලාමයට අනුව සිටියා නම් අද එම රටේ එකම බොදුනුවෙක්වත් නොසිටින බව මගේ විශ්වාසයයි.”
හරියාකාරව කියලා අදහස් කරන්නෙ සුරා 2 හි 216 වැකියෙ සදහන් වෙන ආකාරයට වෙන්න ඇති නේද සහෝ…:හොර බැල්ම:
Warfare is ordained for you, though it is hateful unto you; but it may happen that ye hate a thing which is good for you, and it may happen that ye love a thing which is bad for you. Allah knoweth, ye know not. (216)
ඔන්න අරාබි භාෂාවෙනුත් දැම්මා
كُتِبَ عَلَيۡڪُمُ ٱلۡقِتَالُ وَهُوَ كُرۡهٌ۬ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـًٔ۬ا وَهُوَ خَيۡرٌ۬ لَّڪُمۡۖ وَعَسَىٰٓ أَن تُحِبُّواْ شَيۡـًٔ۬ا وَهُوَ شَرٌّ۬ لَّكُمۡۗ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ (٢١٦)
ඕකෙ තියන විදියට “ඉස්ලාමයට අනුව” කටයුතු කලොත් (සටන් කිරීම අනිවාර්ය කරලානෙ තියෙන්නෙ) ඔයා කියන විදියට බංග්ලාදේශයේ එකම බොදුනුවෙක් වත් ඉන්නැති වේවි..
Anver on 15 Feb 2010 at 8:09 pm #
පලමු කාරණාව අනිකුත් ෆෝරම් ප්‍රමෝට් කිරීම මගේ ප්‍රතිපත්තිය නොවන නිසා. මේ ගැන මම කලිනුත් පවසා තිබෙනවා.
අනෙක ඒ ලින්ක් එකේ තිබෙන භාෂා ශෛලිය මා අනුමත නොකරන නිසාය.
Anver on 15 Feb 2010 at 8:27 pm #
සෑම රටකටම එම රටට අනන්‍යවූ නීතිරීති තිබෙනවා. ඔබ ඔය සදහන් කරන ප්‍රථිමා වන්දනයට ඇති තහනම සවුදි අරාබි රාජ්‍යයට සහ සමහර මුස්ලිම් රාජ්‍ය වලට අනන්‍යවූ නීතියක්. ඔබ කලිනුත් දන්නා පරිදි ඉස්ලාමය ප්‍රථිමා වන්දනය පිළිකුල් කරන දහමක් අනෙක එම රටේ සිටින්නේ මුස්ලිම් වරුන්. විදේශීයයන් එම රටේ සිටින්නේ සේවය කිරීමට සහ සංචාරය කිරීමට පමණි. සේවය කිරීමට හෝ සංචාරයට පැමිණි අය එම රටේ සංස්කෘතියට ගරු කළ යුතුයි. නමුත් එයින් ආගමික නිදහසක් නැතිවී නැහැ. මා කලිනුත් සදහන් කළ පරිදි මෙපමණ දියුණු ලොවක ඔබ තවමත් ප්‍රථිමා වන්දනය වැනි නොදියුණු දෙයක් පසු පස්සේ පැන්නීම ගැන අප කණගාටු වෙනවා. අඩුම තරමේ මෙය බුදුරජාණන් අනුමත කළ දෙයක්ද නොවේ.
සවුදි අරාබියේ තියෙන තවත් නීතියක් තිබෙනවා. එනම් කාන්තාවන් ඔවුන්ගේ අලංකාරය වැසෙන පරිදි ඇදුම් ඇදිය යුතුයි. මේක මේ රටට වෙන රටක ජනාධිපතිනියක් ගියත් පවතින නීතිය.
Anver on 15 Feb 2010 at 8:43 pm #
ඔබට පැහැදිලි කර ගැනීමට මම එම පදයේ සිංහල අර්ථ විවරණය ලියමි.
(විශ්වාසවන්තයිනි) යුද්ධ කිරීම ඔබට පිළිකුල්ව තිබුණද (ඔබද ඔබගේ ධර්මයද ආරක්ෂා කිරීමට) එය ඔබට නියම කර ඇත්තේය. එක් වස්තුවක් ඔබට ඉතාමත් ප්‍රයෝජනවත්ව තිබුණද එය ඔබට පිළිකුල් වන්නට පුළුවන. තවද වස්තුවක් ඔබට නරකව තිබුණද එයට ඔබට කැමති වන්නට පුළුවන. (ඒවා ඔබට ප්‍රයෝජනවත් වන්නේද නැතහොත් නරකක් වන්නේද යන්න ගැන) අල්ලාහ් දැන ගන්නවා මිස ඔබ නොදැන ගන්නහුය. (ශුද්ධවූ අල්-කුර්ආනය 2.216)
සහෝදරය මෙම පදය සම්පූර්ණයෙන් කියවා බලන්න. මෙම කුර්ආන් වැකිය පහල වන කාලයේ මදිනා නගරයට සැමවිටම සතුරන්ගෙන් තර්ජන එල්ලවූ සමයක් සතුරන් සටනට එන විට තමන් පැරදුනහොත් එමගින් තමන් සතුරන්ගේ වහළුන් (එකල යුද්ධයකින් පැරදෙන කොටස දිනන අයගේ වහළුන් බවට පත්වීම සාමාන්‍ය දෙයක්) වනවා පමණක් නොව ධර්මයද විනාශ වී යනවා.
මෙයින් ගැලවීමට අල්ලාහ් ඔවුන්ට යුද්ධය අනිවාර්ය කිරීම වැරදි දෙයක්ද?
සහෝදරය, මේ විදියට අන්‍ය ආගම් වලට වැරදි අර්ථකථන දීම හොද දෙයක් නොවේ.
ඔබ කුර්ආනයේ පද වලින් තර්ක ඉදිරිපත් කිරීම ගැන ඉතා සතුටු වෙමි.
අනෙක් කාරණය නම් අල්ලාහ් මෙතනදී පවසන දේ නම් යුද්ධ කිරීම ඔබට පිළිකුල්ව තිබුණද යන්නෙන් අර්ථ ගැන්වූයේ කුමක්ද යුද්ධ කිරීම යනු මුස්ලිම් වරුන්ට පිළිකුල් දෙයකි. නමුත් ආත්මාරක්ෂාව සදහා සටන අනිවාර්යය.