Published by Anver on 10 Nov 2011 at 02:06 am
Islamic method of animal slaughter – Sinhala
පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය
මස් පිණිස සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ. ඒවා පිළිබදව අප මදක් විමසා බලමු.
1. සත්ත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.
2. කලබල කාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.
3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.
4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.
5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.
7. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
8. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.
9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.
11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.
Amithas on 11 Dec 2011 at 2:14 pm #
kohoma kapuwath maranna ne.
nisitha on 29 Jan 2012 at 10:22 pm #
කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය._-_- machan,honda sihiyen inna manussayek kohomada kaatawath karadarayak neti satek maranne??
සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්._-_- jeewin deviyange meveemak nowana bawa parinamawadayen pennala deela ewarai.jeewa proteena amaino amlaye eti wee tibena bawa den vidyawen oppu karala ewarai.
කලබල කාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම._-_- seema jeewiyektama tamange marana mohota ewen men wetahe.ehidee lowa diunuma jeeveen wana minisaa pawa kalabala we.kisidu sateku tama kemetten kapana tenata noyai.