Published by Anver on 10 Nov 2011 at 02:14 am
Udhiyya – The religious activity – Sinhala
උලුහිය්යා නම්වු ඉස්ලාම් ආගමික කර්තව්‍යය
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හජ් මාසයයි. හජ් නැමදුම ඉටුකරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාල වක වානුවේදීය. මීට වසර දහස් ගණනකට පෙර විසු දෙවිදුන්ගේ මානව ශාස්තෘවරයෙක් වු ඉබ්‍රාහිම් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ට පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති.
සතෙකු කපා අසරණ හා දුගී ජනයාට මෙන්ම අසල්වැසි හා හිතවතුන්ට දානයක් ලෙස පිරිනැමීම උලුහිය්යා නම් ක්‍රියාව ලෙස සැලකේ. මෙය අල්තාරයක් හෝ පිළිරුවක් ඉදිරියේ කරන්නාවූ බිලි පුජාවක් හෝ බිලි දීමක් නොවන්නේය. ඉතාමත් පිරිසිදු චේතනාවෙන් දෙවිඳුන්ගේ නාමයෙන් පෙර පැවසුවාක් මෙන් දුගීන්ට, අසරණයින්ට, යාචකයින්ට, අසල්වැසියන්ට හා නෑ හිතවතුන්ට ආහාරය පිණිස කරන්නාවූ දානමය ක්‍රියාවකි.
ඉස්ලාමයේ සියළු ක්‍රියාවන් මිනිසාගේ යහපත පදනම කරගෙන යහ චේතනාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නාවූ ක්‍රියාවන් වන අතර එහි අන්තර්ගතයේ විද්‍යාත්මක හා යථාර්තවාදී පදනමක් නිරන්තරයෙන් දක්නට ඇත්තේය. ඉහත කරුණු වලින් පැහැදිලිවන තවත් සත්‍යයක් නම් ඉස්ලාමය තවත් දහමක් නොව එය සැබැවින්ම සියළු මනුෂ්‍ය අවශ්‍යතාවයන්ට නිසි මග පෙන්වන පරිපුර්ණ ජීවන සැලැස්මක් බවය.
ඉහතින් ඉදිරිපත්කල සියළු කරුණු සමස්තයක් වශයෙන් සමාලෝචනය කර බැලීමේදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව මතුවී තිබු වැරදි අවබෝධයන් ඉවත්කොට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත්විය හැකි සාමකාමී හා සුහදත්වයෙන් යුත් සමාජයක් බිහිකිරීමට අප සැමට හැකිවේ යැයි ඉතා අවධාරණයෙන් යුක්තව විශ්වාස කරන්නෙමු. බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධවන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විස්වාශයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදුවන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදුවී එකිනෙකාගෙන් ඈත්වූ සමාජයක් ඇතිවීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කොහෙත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතුවන අනර්ථකාරී වෛරය ඉවත්කොට සැමට සතුටින් එකට අත්වැල් බැඳගෙන සුහදත්වය හා මිනිසත්කම පදනම් කරගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.
ප්‍රිය පාඨකය, ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය නම්වු පොත මින් අවසන් වේ. මෙම විෂයෙහිලා තවත් බොහෝ කරුණු ඉදිරිපත් කළ හැකි මුත් ධර්ම ගවේෂන අරබයා තවත් බොහෝ විෂයන් ආවරණය කළ යුතු හෙයින් මින් මෙම ලිපි පෙල අවසන් කරමි. ඔබ සැමට අල්ලාහ්ගේ අසමසම මහාර්ඝවු ප්‍රධානය වන යහමග අත්වේවා යැයි මම පතමි.
සංස්කාරක දාවාහ් කෝනර්.නෙට්
වෙබ් අඩවිය