කාන්තාව මානවයෙක්ද? නැතිද? යන ප්‍රශ්ණයට පිළිතුරක් සොයා ගැනීමේ අරමුණින් එවකට සිටි කිතුණු නායකයන් අතර විවාදයක් ක්‍රිස්තු වර්ෂ 584 දී, ප්‍රංශයේදී පැවැත්වුණි. මෙම කරුණ විවාදය සඳහා ඔවුන් විසින් ප්‍රංශයේ ලියොන් නුවර සම්මේලනයක් කැඳවූහ.මෙම සම්මේලනය කරා එවකට සිටි බිෂොප් වරු හතලිස් තුන්දෙනෙකුද, නොපැමිණි අනෙකුත් බිෂොප් වරුන් නියෝජනය කිරීම සඳහා ඔවුන් විසින් එවා තිබුණු නියෝජිතයන් විසිදෙනෙකුද, සහභාගී වූහ. සියළු දෙනා ඉමහත් කුතුහළයෙන් බලා සිටියේ මෙම සම්මේලනයේ කුමකින් කුමක් සිදුවේද? යනුයි. ඔවුන් කාන්තාවන් මානව කොට්ඨාශයක් නොවේ යනුවෙන් තීරණය කරයිද, නැතහොත් මානවයන් ‍යයි තීරණය වේද?

මෙම සම්මේලනයට එවකට සිටි ක්‍රිස්තියානි සභාවේ සුප්‍රකට විද්වතුන් රැසක් සහභාගී වීම නිසා සංවාදය දික්වුණු අතර කිසිදු පාර්ශවයකට තර්කානුකූලව ජයගත නොහැකි විය. එමනිසා ඔවුන් සියළු දෙනාගේම ඒකමතික තීරණය අනුව මෙම ප්‍රශ්ණය ඡන්ද විමසීමකින් කෙළවර කිරීමට තීරණය විය. ඡන්දයද ඇරඹුණි. සියළු සහාභාගීවු සියළුම කිතුණු පූජක බුද්ධිමතුන් සිය ඡන්දය දීම සහ මතය දිනවීම සඳහා සක්‍රීයව දායක විය.

ඡන්දය ගණන් කිරීම ඇරඹුණි. මෙන්න ඡන්ද ප්‍රථිඵලය. කාන්තාවන් මානව විශේෂයක්ද? යන ප්‍රශ්ණයට ඔව් යනුවෙන් ඡන්ද තිස්දෙදෙනෙකුද, නැත යනුවෙන් තිස් එක් දෙනෙකුද ඡන්දය භාවිත කර තිබුණි.

ජයවේවා! මේ නිසා වැඩි ඡන්ද එකකින් කාන්තාව මානව විශේෂයක් බවට වූ මතය ජයග්‍රහණය අත්කර ගන්නා ලදී.

බැරි වෙලාවත් අනෙක් මතය දිනුවා නම් කාන්තාවන් මානව විශේෂයක් නොවනු ඇත. අනේ අනිච්චං!

කෙසේ නමුදු මෙම සම්මේලනයේදී සියළු දෙනාගේම එකඟතාවය අනුව අවසානයේ දී තීරණය වූයේ ස්ත්‍රීන් වනාහී මානව විශේෂයක් වන නමුදු ඔවුන් මවන ලද්දේ පුරුෂයන්ට ආවතේව කිරීම සඳහා බවයි.

මිත්‍රවරුණි, මෙවන් තකතීරු ඉතිහාසයක් ඇති බටහිර වාදීන් වර්තමානයේ මුස්ලිම්වරුන් සිය කාන්තාවන්ට සමානත්වය නොදී ඇතැයි වැදි බණ පැවසීම හාස්‍යජනක නොවේද?