Published by Anver on 16 Jan 2010 at 05:36 am
කිතුණු දහමට අනුව මද්‍යපානය
මත්පැන් භාවිතය හොඳද නරකද? යන ප්‍රශ්ණය හමුවේ වැනි වැනී යන බයිබලීය මතය
මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් බයිබල් පද වල අවවාද අඩංගුවේ (ලෙවී 10 : 9; ගණන් කථාව 6 : 3; විතීය කථාව 29 : 6; විනිශ්චයකාරයා13 : 4,7,14; 1 සාමුවෙල් 1 : 15; හිතෝපදේශ 20 : 1, 31 : 4, 6; යෙසායා 5 : 11, 22; 24 : 9; 28 : 7; 29 : 9; 56 : 12; මීකා 2 : 11; ලූක් 1 : 15).
කෙසේ වෙතත්, බියර්, මුද්‍රිකපානය හෝ මද්‍යසාරය අඩංගු බීමක් පානය කිරීම සම්බන්ධයෙන් බයිබලයේ තහනමක් තබා නැත. තවද ඇතැම් බයිබලීය පද වල මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් සුබවාදි කරුණු ද දක්වා ඇත. දේශනාකාරයා 9 : 7 සඳහන් පරිදි “සතුටු සිතකින් මිදි යුෂ පානය කරන්න” යයි දක්වා ඇත. ගීතාවලිය 104 : 14-15 සඳහන් පරිදි “මිනිසුන්ගේ සිත් සතුටු කරන්න මුද්‍රිකපානය දෙන බව තහවුරු කරනවා.” එමෙන්ම ආමෝස් 9 : 14 අනුව තමාගේම මිදි වත්තේ මිදි යුෂ පානය කිරීම දෙවියන් වහන්සේගේ ආශීර්වාදයක් ලෙසට කරුණු දක්වා ඇත. “එන්න පැමිණ මුද්‍රිකපානය සහ කිරි ගන්න,” යනුවෙන් යෙසායා 55: 1 මගින් දිරිමත් කිරීමක්ද කර ඇත.
බයිබලයට අනුව දෙවියන් වහන්සේ කිතුනුවන් හට මද්‍යසාරය සම්බන්ධයෙන් අණ කරන්නේ බීමත් කමෙන් වැලකීමටය (එපීස 5 : 18). එමෙන්ම බයිබලය බීමත් කමත් එහි අතුරු ඵලත් හෙලා දකිනවා (හිතෝපදේශ 23 : 29-35). කිතුනුවන්ට තමන්ගේ ශරීර කිසිවකුගේ වහලකු බවට පත් කර නොගන්නා ලෙසට අණකර ඇත (1 කොරින්ති 6 : 12; 2 පේත්‍රැස් 2 : 19).
බඩේ අමාරුවට වයින්
බයිබලයේ සඳහන් පරිදි යේසුස්තුමා වතුර වයින් බවට පත්කලා. එසේම යේසුස් තුමා ඇතැම් අවස්ථාවලදී මිදි යුෂ පානය කළ බැව් සඳහන්වේ (යොහන් 2 : 1-11; මතෙව් 26 : 29). බයිබල විශාරදයන් පවසන පරිදි අලුත් ගිවිසුම් කාලයේ ජලය ඉතා පිරිසිදුව පැවතුණේ නැත. නවීන සෞඛ්‍යමය පහසුකම් නොමැතිවූ නිසා එකල ජලය නිතරම විෂබීජ වලින් බැක්ටීරියා වලින් අපිරිසිදුව පැවතුණි. මෙය අදටත් සමහර තුන්වන ලෝකයේ රටවල් සම්බන්ධයෙන් සත්‍යයකි. මේ හේතුව නිසා, මිනිසුන් නිතරම මිදි යුෂ හෝ (මුද්‍රික පානයක්) පානය කිරීමට පුරුදුව සිටියා. එසේ වුනේ ජලය මෙන් නොව මිදි යුෂ නරක්වීමේ ප්‍රවනතාවය අඩු වන බැවිනි. 1 තිමෝති 5: 23 ට අනුව පාවුල් තිමෝතිට ඔහුගේ නිතරම පවතින උදරාබාධයට හේතුව වතුර බැවින් වතුර බීමන් වැලකීමට උපදෙස් දී ඇත. ඒ වෙනුවට මුද්‍රිකපානය පාවිච්චි කිරීමට අවවාද කර ඇත. ඒ දවස් වල මිදි යුෂ පැසීම සඳහා යොමු කළත් එය අද පවතින ක්‍රමයට (අංශකයට) වඩා වෙනස් වේ. එසේ හෙයින් එය මිදි යුෂ යයි හැඳින්වීම වැරදිය. එසේම වර්තමානයේ භාවිතා වන මුද්‍රිකපානය ලෙස හැඳින්වීමද වැරදිය. නැවතත් බයිබලය ප්‍රකාශ කරන්නේ කිතුනුවන්ට බියර්, මුද්‍රිකපානය හෝ මද්‍යසාරය අඩංගු ඕනෑම පානයක් භාවිතා කිරීම තහනම් නොකර ඇති බවයි. එහෙත් කිතුනුවකු මද්‍යසාරයට ගිජු වීමෙන් සහ බීමත් කමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය (එපීස 5 : 18; 1 කොරින්ති 6 : 12).
රජිත් on 23 Nov 2010 at 4:54 pm #
බොහෝ අය කන්ඞ ඹනා විට කබරගොයා තලගොයා කරගෙන ඈති බවක් පෙනේ.
බයිබලයේ සදහන් මිදි යුෂ මිදි යුෂ මිස මිදි යුෂ වලින් තැනු වයින් නොවේ.
අපේ මිනිස්සු දෙවියන්වත් අපහසු තාවයට ලක්කරමින් ජේසුත් මිදියුෂ බිවුවානේ කියමින් කසිප්පු ගසති.
බයිබලයේ වයින් කියන වචනය අවශ්‍ය තැනට යොදලා තියෙනවා. මිනිස්සුන්ටත් මේක හොදට තේරෙනවා ඒත් වාසියට නොතේරෙනවා වගේ ඉන්නවා.
මේහෙම අයට තමයි කියන්නේ වාසි බිරෝ කියලා
ඒ කෙසේ වෙතත් මේ වාගේ වැදගත් දේවල් කතා කරන මේ සයිට් එකට මම සුබපතනවා
ජේසු පිහිටයි!
Anver on 24 Nov 2010 at 9:15 am #
කිතුණු දහමට අනුව ඔබගේ මතය ඉදිරිපත් කලාට ස්තූතියි. මා දන්නා පරිදි ලංකාවේ වැඩියෙන්ම මධ්‍ය පානය ප්‍රතිශතය ඇත්තේ කිතුණුවන් (කතෝලිකයන්) තුලයි. මෙයට හේතුව කුමක්ද? මේ ගැන අප සංවාදයක් කළ හොත් එය ඉතා යහපත්.
Denver on 21 Aug 2011 at 5:33 pm #
There are no words to desrcibe how bodacious this is.