Published by Anver on 25 Mar 2010 at 09:57 pm
ජ්‍යොතිශය සහ නිමිති බැලීම ගැන ඉස්ලාමීය දෘෂ්ඨිය
ජ්‍යොතිශය සහ නිමිති බැලීම ගැන ඉස්ලාමීය දෘෂ්ඨිය
සමහරු තමන්ගේ ආගමට අනුකූලයයි පවසමින් නිමිති, පේන බලන්නන් සහ ජ්‍යොතිසඥයන්ගේ පසුපසු යති. මෙහි ඉස්ලාමීය සංකල්පය කුමක්ද යන්න අප සොයා බලමු.
අල්ලාහ් හැර අහස් සහ පොලෝ තලයේ සිටින කිසිවෙක් සැඟවුණු දේ ගැන නොදන්නා බව (නබිවරය) ඔබ පවසන්න යනුවෙන් අල්ලාහ් පවසන්නේය.
ශුද්ධවූ අල් කුර්ආනය 27.65
මෙහිදී සියල්ල දන්නා සර්වඥ එකම දෙවිඳුන් අල්ලාහ් බව මුස්ලිම්වරුන් විසින් තරයේ පිළිගන්නාවූ කරුණකි. එම නිසා සියළු හොඳ හෝ නරක සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය පරිදි යන්න විශ්වාස කර ඉදිරියට හැකි පරිදි කටයුතු කරගෙන යාම මුස්ලිම් වරයෙකුගේ වගකීමයි.
කවරෙක් හෝ ජ්‍යොතිශඥයෙකු වෙත ගොස් කුමණ කරුණක් ගැන හෝ විමසා සිටියේ නම්, ඔහුගේ දින හතලිහක නැමදුම් පිළිගනු නොලැබේ යනුවෙන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පැවසූ බව සෆීයියා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට හිමිවේවා) තුමිය වාර්තා කර ඇත.
මූලාශ්‍රය මුස්ලිම් ග්‍රන්ථය
දිනකට පස්වතාවක් නැමදුමෙහි යෙදීම මුස්ලිම්වරයෙකුගේ අනිවාර්ය වගකීමකි. එමෙන්ම සලාතය (නැමදුම්) නොකරන්නා මුස්ලිම්වරයෙක් නොවේ යන්න මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පවසා ඇති තවත් නබි වදනකි. යම් කෙනෙකු ජ්‍යොතිෂඥයෙකු වෙත පිළිසරණ පැතුවහොත් මෙවැනි දින හතලිහක කරණ නැමදුම් නොපිළිගන්නා තරමට එය පවකි.
කවරෙක් නිමිති බලන්නා හමුවට ගොස් ඔහු පවසන දේ සත්‍යය කළේ නම්, හෝ ඔසප් වී සිටින සිය බිරිඳ සමග සංසර්ගයේ යෙදුණේ නම්, සිය බිරිඳ සමග ගුද මාර්ගයෙහි සංසර්ගයේ යෙදුණේ නම් ඔහු නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට පහලවූ මාර්ගයෙන් පිටමන්වේ යනුවෙන් පැවසූ බව අබූ හුරෛරා (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) වාර්තා කර ඇත.
මූලාශ්‍රය අබුදාවුද් ග්‍රන්ථය
ඉස්ලාමයට අනුව අල්ලාහ් විසින් පිළිගන්නාවූ එකම ජීවන මාර්ගය නම් මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් සිය ජීවිතාදර්ශයෙන් පෙන්වාදුන් මාර්ගයයි. ඉහත නබි වනනෙහි සඳහන් කරුණු මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් පිළිකුල් කරන ලද කරුණුය.
ශාස්ත්‍රඥවරු ගැන මිනිසුන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගෙන් විමසූ විට එහි කිසිවක් නොවේ යනුවෙන් පවසා ඇත. එවිට මිනිසුන් ඔවුහු කියනදේ සමහර අවස්ථාවලදී සත්‍ය වන්නේ ඇයිදැයි විමසූ විට එතුමා ඒවායේ සත්‍යතාවය නම්, ජින් වරුන් (අහසෙන්) හොරෙන් ඇහුම්කන්දී ඒවා තමන්ගේ කන්වලට යොමුකරති. ඔවුහු ඒවා සාවද්‍ය තවත් කරුණු සීයක් පමණ එක්කර (ශාස්තඥ වරුන්ගේ හමුවේ) තබති යැයි පැවසූ බව ආයිෂා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට අත්වේවා) තුමිය වාර්තා කර ඇත.
මූලාශ්‍රයන් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථයන්
අප බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙවැනි ගුප්ත නිමිති සහ පේන කියන්නන් සමහර අවස්ථාවල ඉතා නිවැරදි කරුණු ද පවසයි. මෙයට හේතුව මෙහිදී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් පෙන්වාදී ඇත.
ඉහත කරුණු වලට අනුව මුස්ලිම් අප හට ජ්‍යොතිෂ සහ නිමිති බලන්නන් හමුවට යාම තහනම්ය. ඔවුන් තමන් හට සැඟවුණු කරුණු පිළිබඳව යම් ඥාණයක් තිබෙන බව තර්ක කරති. නමුත් ඔවුන් පසුපස යාමේ අවසානය විනාශයයි.
ඔවුන් එක් සත්‍ය කරුණක් දැනගෙන ඒ සමග සාවද්‍ය කරුණු සියයක් එක් කරති.
අත්රේඛා බැලීම, යම් යම් දේ ලියා දියකර පානය කිරීම සහ ලග්න බැලීම යනාදී සියල්ල මෙම නිමිති සහ තාරකා ශාස්ත්‍ර විෂයයට ඇතුලත්ය.
Dhamma on 25 Jun 2010 at 11:28 am #
What to do…since you dont have such knowladge to understand unseen things. We are not like that. The people who dont have the ability and knowladge to think and understand…they simply tell…no such things in the Universe. So…dont blame other greate nation’s belives or principles ..if you cant understand them. Such peoples all assigned to GOD…..because of the poor knowladge.
Kamal on 16 Sep 2010 at 7:06 pm #
This is not true.If U want I can proof ASTROLOGY is 100% correct.
Anver on 23 Oct 2010 at 1:36 pm #
ඔව් සහෝදරයා ඔප්පු කරන්න. මමත් එයට පිළිතුරු සපයන්නම්.
Marge on 21 Aug 2011 at 12:19 pm #
TYVM you’ve solved all my probelms
Ebony on 23 Aug 2011 at 12:21 am #
Kudos to you! I hadn’t tuhhogt of that!