Published by Anver on 30 May 2010 at 01:24 pm
ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්
ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්
ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට 2010 මාර්තු 28 වන දින ප්‍රකාශ කළ පාකිස්තානයේ බිහි වූ දක්ෂතම හා වාර්තාගත පිතිකරුවකු වන මොහමඩ් යූසුෆ් ඉස්ලාම් දහම වැලඳ ගත් එරට ජන සමාජයේ ප්‍රමුඛ පුද්ගලයෙකි. ඔහුගේ ජීවිත කතාව පැල්පතේ සිට මාලිගය දක්වා දිවෙන එකකි.
35 හැවිරිදි යූසුෆ් ලකුණු 7,431 ක් රැස්කර ගෙන පාකිස්තානයේ වැඩිම ටෙස්ට් ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන් තිදෙනාගෙන් කෙනෙකු බවට පත්වෙමින් සාර්ථකත්වයේ උත්කෘෂ්ට තත්ත්වයේ ආස්වාදය ලැබුවේ ය. එහෙත් විශේෂයෙන් 2007 වසරේ සිට, ඔහුගේ වසර 12 ක කීර්තිමත් ක්‍රීඩා දිවිය මතභේදවලින් පිරුණු එකක් විය.
පාකිස්තානයේ සංස්කෘතික අගනගරය හා වඩාත් ම නිදහස් නගරය වන ලාහෝරයේ මුඩුක්කුවක දුප්පත් ක්‍රිස්තියානි පවුලකට දාව උපන් මොහමඩ් යූසුෆ් මුලින් ම ටේලර් සාප්පුවක ආධුනිකයෙකු ලෙසින් බඳවා ගනු ලැබිණි. පවුල නඩත්තු කිරීම සඳහා එම ශිල්පය උගන්වනු ලැබූ යූසුෆ් ප්‍රාදේශීය ක්‍රිකට් කණ්ඩායමක් විසින් බඳවා ගැනීම ඔහුගේ වාසනාවට සිදුවූවකි. එතැන් පටන් ඔහු ආපසු හැරී බැලුවේ ම නැත.
සාර්ථක දේශීය ක්‍රිකට් තරග වාරයකින් පසුව ඔහු ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනිණි. 1998 වසරේ ඩර්බන්හි පැවැති සිය මංගල ටෙස්ට් තරගයේ දී යූසුෆ් ලබා ගත්තේ ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් වූව ද ඔහු ක්‍රමක්‍රමයෙන් ජාත්‍යන්තර තලයට පිවිසීමට සමත් විය. ඉස්ලාම් ධර්මය වැළද ගෙන වසරකට පසුව, 2006 දී වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තමාට හැකි වූයේ තමාගේ භක්තියේ වෙනස නිසා බව යූසුෆ් තරයේ විශ්වාස කළේ ය.
ඒ කැලැන්ඩර වසරේ දී ඔහු ලකුණු 1,788ක් ලබා ගත්තේ 1976 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි විවියන් රිච්ඩ්ස්ගේ ලකුණු 1,710 අභිබවා යමිණි. මේ නව ලෝක වාර්තාව නිසා යූසුෆ් ට 2007 වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනැමිණි.
ඔහු ශතක නවයක් ලබා ගනිමින් වසරක් තුළ වැඩිම ශතක ලබා ගැනීමේ නව වාර්තාවක් ද පිහිටුවීය. ඔහු තණතිල්ලේ පිත්තෙන් පෙළහර පෑ දක්ෂ ක්‍රීඩකයෙකු විය.
mm on 30 May 2010 at 11:48 pm #
භක්තියේ වෙනස අවුරුද්දයි නේ තිබ්බේ ?
Reader on 03 Jun 2010 at 3:36 am #
Anver on 07 Jun 2010 at 11:25 am #
ඔයාට මේව තේරුම් ගන්න තාම ලපටි වැඩියි වගේ.
Elida on 21 Aug 2011 at 8:16 pm #
Now I feel stupid. That’s caelerd it up for me