Published by Anver on 19 Dec 2009 at 07:15 pm
මාංශ ආහාර පිළිබඳව බෞද්ධ වෙබ් අඩවියක සඳහන් වූ සංවාදයක්
1වන පුද්ගලයා ඉදිරිපත් කල ප්‍රශ්ණය
මිනිසුන්ට ආහාරයට මස් මාංශ ආහාරය සුදුසුද? මේ පිළිබඳ ගැටලුවක් තවමත් අප අතර පවතී. මා මේ මාසයේ පොහෝ දිනයේදීත් (02 නෙවැම්බර් 2009) රූපවාහිනී වැඩසටහනක දී සංඝ්‍යාවහන්ස නමක් මේ පිළිබඳ දැක්වූ අදහසට අනුව උන්වහන්සේ කියා සිටියේ මස් මාංශ ආහරයට සතුන් මරන්නේ මස් ආහාරයට ගන්න අය සිටින නිසා. මේ නිසා අප කෑමට ගන්නා සෑම මස් කැබැල්ලක් පාසා සතුන් මැරීමේ පාප කර්මයේ කොටස් කරුවන් ව්‍න බව. මේ පිළිබඳ සත්‍ය හා අසත්‍ය තාවය බුදු දහමේ කෙසේ සඳහන්වේ ද? වැරදි අදහසක් පැවසුවේනම් ඒ පිළිබඳ සමාව අයදිමි.
2වන පුද්ගලයාගේ පිළිතුර
ප‍්‍රාණ ඝාතයට අනුබලයක් දෙන මස් මාංශ ආහාරයට ගැනීම පාපයක් හෙවත් අකුසල කර්මයක් බව බුදු දහමට අනුව ඉතා පැහැදිලිය’ සැබැවින්ම ඒ පිළිබඳ බුදුදහම තුළ ප‍්‍රශ්නයක් නැත’ බුදු දහම තුළ මෙය ඉතා පැහැදිළිව පෙන්වා දී තිබෙ‘’ නමුත් වර්තමානයේ මෙය ප‍්‍රශ්නයක් කර ගෙන ඇති බව පෙනෙන්නට තිබෙ‘’ එයට හේතුව මාංශයට ගිජු තෘෂ්ණාධික පුද්ගලයෝ බුදු දහම හා බුදුරජාණන් වහන්සේ ගාවාගෙන මස් මාංශ ආහාරයට ගැනීම සාධාරණීකරනය කර තම වරද වසා ගැනීමට යාමයි’ අහිංසක සතෙකුගේ පණ නසා ආහාරයට ගැනීම පවක් බව අවබෝධ කර ගැනීමට බුදු දහම වැනි ගම‘භීර දර්ශනයක් අවශ්‍ය නැත’ ඒ සඳහා අවශ්‍ය වන්නේ 2 වන ශ්‍රේණියේ දැනුමකි’ අනුසෝතගාමී මාර්ගයෙන් මිදී පටිසෝතගාමී මාර්ගයක ගමන් කරන සැබෑ බෞද්ධයා සැබැවින්ම ගල් යුගයේ මානවයාට වඩා උසස් මනසක් සහ මනා හික්මීමක් සහිත විය යුතුමය’ මා එසේ පවසන්නේ අද බෞද්ධ යැයි කියාගන්නා බොහෝ දෙනා තුළ ඒ තරම‘ වත් හික්මීමක් දැකිය නොහැකි බැවිනි’ මස් මරාගෙන කා ජීවත් වූයේ ගල් යුගයේ මිනිසුන් බව අප අසා ඇත්තෙමු’ ඒ ඔවුන්ගේ රස තෘෂ්ණාව නිසා නොව ජීවිතය රැුක ගැනීමට වෙනත් ආහාර නිෂ්පාදනයක් ගැන නොදැන සිටි බැවිනි’
නමුත් වර්තමානය වන විට කතා කරන්නේ එවැනි සත්ව ඝාතනයක් ගැන නොවෙ‘’ මස් සඳහාම දස වද දෙමින් ඇති කරන අහිංසක සතුන් දිනකට කෝටි ගනනින් වද දෙමින් මරා දිව පිනවා ගැනීමට අමානුෂික ලෙස මිනිසුන් කරනා නින්දිත ක‍්‍රීයාව ගැනයි’ මෙය චක‍්‍රයක් ආකාරයෙන් ක‍්‍රියාත්මක වන අතර එම චක‍්‍රයට හවුල් වන සියලු දෙනා ප‍්‍රාණඝාත අකුසලයට හවුල් වන බව දැන ගත යුතුය’ එහි ප‍්‍රධානියා වන්නේ මස් අනුභව කරන පුදුගලයායි’ මස් මැරීමට අනුබල දීම බුදු දහමෙ‘ අකුසලයක් බව පෙන්වා දී ඇති අතර මස් අනුභව කරන්නා එම අකුසලයට දැන හෝ නොදැන සම‘මාදම‘ වෙ‘’
නමුත් ඉබෙ‘ මරණයට පත් සත්වයෙකුගේ මස් ආහාරයට ගැනීමෙන් පවක් සි\ු වීමෙ‘ අවස්ථාවක් නැත’ නමුත් එවැනි මළ කුණක් වුවද ආහාරයට ගන්නේ ඇයි’ ජීව විද්‍යාත්මක ලෙස බැලුවත් මිනිස් ශරීරය නිර්මාණය වී ඇත්තේ මාංශ භක්ෂනයට නොවෙ‘’
ජිවක සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ ත‍්‍රිකෝටික පාරිශුද්ධ මස් අනුභවයෙන් එම පුද්ගලයාට අකුසලයක් සිදු නොවන බවයි’ එනම‘
1’ තමන් වෙනුවෙන් මරණ ලද සත්වයෙකුගේ බව නොඇසූ
2’ තමන් අනුභව කරන්නේ මාංශයක් බව දැකීමෙන් හඳුනා ගැනීමටද නොහැකි වූ
3’ තමන් අනුභව කරන්නේ සත්ව මාංශයක් බව රසයෙන් හදුනා ගැනීමටත් නොහැකි වූ මාංශයයි’
මෙම කරුණු ඉක්මවූ මස් අනුභව කළ හැනි නොවෙ‘’ එනම‘ වර්තමානයේ අනුභවයට ගන්නා සියලු මාංශයන් ත‍්‍රිකෝටික පාරිශුද්ධ නොවෙ‘’
කරුණාකර ජීවක සූත‍්‍රය හා පාණාතිපාත සූත‍්‍රය බලන්න’
3වන පුද්ගලයාගේ අදහස
‘ප්‍රාණ ඝාතයට අනුබලයක් දෙන මස් මාංශ ආහාරයට ගැනීම පාපයක් හෙවත් අකුසල කර්මයක් බව බුදු දහමට අනුව ඉතා පැහැදිලිය’
මෙම ප්‍රකාශය බුදුදහමට අනුකූල නොවේ.
ථෙරවාද බුදුදහමට අනුකූල නොවන කරුණු ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින්න. තමාට පෞද්ගලිකව නිවැරදි යැයි සිතෙන දේ , බුදුදහමට අනුකූල දැයි සොයා බැලීමට එය ත්‍රිපිටකයෙහි හෝ අටුවාවෙහි ඇති නැති බව පරික්ෂා කළ යුතුය. බුද්ධ ධර්මය යනු උතුම් වූ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බෝධි මූලයෙහි දී අවබෝධ කළා වූ ධර්ම රත්නය යි. අප සැමට සිතෙන දේ , ඒකාන්තයෙන් ම බුදුදහම නො වේ. අපගේ දෘෂ්ඨිය බුදුදහමට අනුව නිවැරදි කර ගැනීම ‘දිට්‌ඨිජුකම්‌ම’ නම් පුණ්‍ය ක්‍රියාව යි.
දිට්ඨි උපාදාන නම්, තමන්ගේ වැරදි අදහස් දැඩිව ග්‍රහණය කරගැනීම යි. මානය දුර ලා, නිහතමානී ව සද්ධා ගෞරව සහිතව, ඉතා වෙහෙස මහන්සි වී ඉතා ඕනෑ කමින් ත්‍රිපිටකය, අටුවා, ටීකා පරිශීලනයෙන්, එම උතුම් කාර්යය සම්පූර්ණ කළ යුතු ය. ධර්මය ඉතා දුක සේ දැකිය යුතු බව, ධර්මය ඉතා දුක සේ අවබෝධ කළ යුතු බව, ‘දුද්දසෝ’ ‘දුරනුබෝධෝ’ යන පද වලින් දේශණා කර ඇත.
බුදු දහම ලෙස, වැරදි අදහස් ප්‍රකාශ කිරීම (සමාදන් කරවීම), එම අදහස් පිළිගැනීම සහ ක්‍රියාවෙහි යෙදීමෙන් බොහෝ පව් රැස් වන බව මෙසේ සඳහන් කර ඇත. ‘දුරක්‌ඛාතෙ, භික්‌ඛවෙ, ධම්‌මවිනයෙ යො ච සමාදපෙති යඤ්‌ච සමාදපෙති යො ච සමාදපිතො තථත්‌තාය පටිපජ්‌ජති සබ්‌බෙ තෙ බහුං අපුඤ්‌ඤං පසවන්‌ති’.
මස් මාලු අනුභව කිරීම හෝ නොකිරීම නිවනට බාධාවක් නොවන බව ත්, බුදුදහමෙහි මස් මාලු අනුභව නොකිරීම සීලයක් ලෙස සඳහන් කර නොමැති බව ත් මෙම කරුණ සම්බන්ධයෙන් කෙටියෙන් සඳහන් කරමි. මස් මාලු අනුභව නොකිරීම, නිඝන්ඨ සීලයට ඇතුලත් කොට දේශණා කරන ලද සූත්‍ර බොහෝ ගණනක් ඇත. නිවන පිණිස සමාදන් වීමෙන් ‘සීලබ්බත පරාමාස’ නම් වූ සංයෝජනයට හේතු වී එයින් ම නිවන වැලකීම සිදු වේ. එම නිසා ඒ ගැන සැළකිලිමත් වන්න.
බුදුරජානන් වහන්සේ ද රහතන් වහන්සේලා ද මස් මාලු අනුභව කළ බව, ඛුද්දක නිකායෙහි අපදාන පාළියෙහි මාංශ දානයේ ආනිසංස සඳහන් වීමෙන් පැහැදිළි වේ. බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලා අපදාන පාළි 1 : 202-203 පිටු, අපදාන පාළි 1 : 372-373 පිටු — මෙයට ඇති බොහෝ උදාහරණ වලින් කිහිපය කි.
මෙය මෙම කරුණ පිළිබඳ ඉතා කෙටි පිලිතුර කි. සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම පිණිස ත්‍රිපිටකයෙහි ඇති බොහෝ දේ පිළිබඳ හැදෑරිය යුතු ය.
SSSS on 19 Dec 2009 at 11:53 pm #
thx 4 ta info brother
Dhammika on 15 Aug 2011 at 10:54 am #
http://assets4.dhammikaweb.com/uploads/2011/08/AamagandhaSutta_SuttaNipatha_KuddakaNikaya_SuttaPitaka.pdf
මෙම ආමගන්ද සූත‍්‍රය කිවන්න. එහි මේ සියල්ලට උත්තර තිබේ
Dolly on 21 Aug 2011 at 10:56 am #
I’m shocked that I found this info so esaliy.
Jalene on 22 Aug 2011 at 8:50 pm #
With the bases loaded you sutrck us out with that answer!