Published by Anver on 25 Jan 2012 at 06:35 am
මේ සියල්ල අහඹුවක්ද?
අප වසන්නාවු විශ්වය තුල ලක්ෂ සංඛ්‍යාත ග්‍රහමන්ඩල වලින් හෙබි මන්දාකිණි විශාල සංඛ්‍යාවක් ඇත. මේ මන්දාකිණි දූලි වලාවක් මෙන් ඈතට දිස්වන නමුදු මෙම මන්දාකිණි තුල සුර්යයන් කේන්ද්‍ර කරගත් ග්‍රහමන්ඩල විශාල සංඛ්‍යාවක් ඇත. එකිනෙක ග්‍රහලෝකයන් තමන්ගේ කක්ෂයන් වටා භ්‍රමණය වෙමින් ඒ ඒ සුර්යයන් වටා කැරකෙන අතර ඒ සුර්යයන්ද තමන්ට නිශ්චිතවු දිශාවකට ගමන් ගනිති. මෙතරම් අලංකාරව සහ ආරක්ෂාකාරීව සිදුවන විශ්ව ක්‍රියාවලිය දෙස බලන අප හට හැගෙන්නේ මේ සියල්ල ඉතා සැලසුම් සහගතව සිදුවන බවයි. මේ සියල්ල පිටුපස කිසිදු හස්තයක් නොමැත. සියල්ල සිදුවන්නේ අහඹු ලෙස යැයි අපට විශ්වාස කළ හැකිද?
අප වසන ලොව දෙස බලන කල එය ජීවීන්ට ඉතාමත් හිතකර ලෙස නිමැවී ඇති බව පෙනී යයි. අප පොලව වටා වායුගෝලයක් පවතින අතර එම වායුගෝලය මගින් ජීවීන්ට අවශ්‍ය වාතය සහ ජලය දෙකම සපයයි. ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වායුන් සපයනවා පමණක් නොව ජීවීන්ට අවශ්‍ය ජලය ප්‍රවාහනය කිරීමෙහිලාද වායුගෝලය විසින් සුවිශේෂී මෙහෙයක් ඉටු කරති. ගොඩබිම තිබෙන ජලය සුර්යාගේ රශ්මිය නිසා වායුගෝලයේ ඉහලට ගමන්කර නැවත වැස්සක් ලෙස පොලවට පතිත වන ආකාරය ගැන මඳක් සිතන්න. මේ සියල්ල සිදුවන්නේ චක්‍රාකාරවය. මේ චක්‍රය ඉබේ ඇතිවුවකැයි අපට සිතිය හැකිද?
සුර්යාගෙන් එන පාරජම්බුල කිරණයන්ගේ අහිතකර බලපෑම් වලින් ලොව ජීවීන් ආරක්ෂා කර ගැනීමෙහිලා ඕසොන් වායු ස්ථරයක් මෙම වායුගෝලයට ඉහලින් පිහිටා ඇත. පොලවෙන් පහෙන් හතරක කොටසක්ම ජලයෙන් යටව තිබෙන අතර ගොඩබිම සහ සාගරය වෙන්ව පවතින්නේ ඉතා පුදුමාකාරවය. චන්ද්‍රිකා ඡායාරූපයකින් පෘථිවිය දෙස බලන්නේ නම් එය මැනවින් දිස්වෙයි. මේ මහා සාගර විසින් පොලොව ජලයේ ගිල්වන අතර තවත් පෙදෙස් වල ගොඩබිම් ඇති කරති. මේ මහා සාගර විසින් පොලව සිසිලසින් තබා ගැනීමට ඉමහත් දායකත්වයක් සපයන අතර එම සාගරයෙහිද ජීවීන් විශාල සංඛ්‍යාවක් වාසය කරති. මේ මහා පෘථිවි ආරක්ෂණ පද්ධතිය ඉබේ ඇති වුවක් කියා අපට සිතිය හැකිද?
ගස්වැල් මල් වලින් බරවන අතර ඒ මල් අතර අන්තර් පරාගනය සිද්ධ වෙති. එහාට මෙහාට චලනය විය නොහැකි මේ ගස් වැල් වල පරාගනය සඳහා උඩගෙඩි දෙන්නේ වාතයයි. මෙසේ පරාගනය වන මල් පසුව එම ගස්වැල් ඵලබර කරවති. මේ ඵල මහළු වී බිම පතිත වන අතර ඒවායින් බීජ ඇති වී නැවත ගස්වැල් උපදවති. තවත් සමහර ශාකයන් අල වර්ග වලින් නැවත ගස් වැල් බෝ කරති. මේ ගස් වැල් විසින් කාබන් ඩයොක්සයිඩ් ආශ්වාස කර ඔක්සිජන් ප්‍රාශ්වාස කරති. මේ නිසා අනෙකුත් ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නිපදවන්නා ලෙසද ගස්වැල් ක්‍රියා කරති. භූමියේ ඇති කඳුහෙල් ආරක්ෂාවට මෙන්ම පොලව තුල ජීවය පවත්වාගෙන යෑමට ගස්වැල් කරනුයේ සුවිශාලවු මෙහෙයකි. මේ ගස්වැල් වල ක්‍රියාකාරීත්වය ගවේෂනය කරන්නන් විසින් පවසන්නේ ඒවායේ පැවැත්ම සැලසුම් සහගතව තිබෙන්නේ ඉතා පුදුමාකාරව බවයි. මේ සියළු සැලසුම් ඉබේ ඇති වී යැයි අපට සිතිය හැකිද?
පොලව මත සිටින ජීවීන්ගේ පැවැත්මද ඉතා විශ්මිතය. සමහර ජීවීන් බිත්තර දැමීමෙන් ප්‍රජණන ක්‍රියාවලියට දායක වන අතර තවත් කොටසක් සිය කුසයෙන්ම පැටවුන් බිහිකරමින් ඒ කරති. මේ සංසේචන සඳහා ඔවුන්ට දායක වන්නේ ලිංගික ක්‍රියාවලියයි. ප්‍රතිවිරුද්ධ ලිංගික දෙදෙනෙක් එකිනෙකාට සෙනෙහෙ පා පසුව ඔවුන්ගේ එක් වීමෙන් ප්‍රජණනය සිදුවන ආකාරය ගැන ඔබ මඳක් සිතුවාද? ඔවුන්ගේ දිවියේ එක්තරා අවධියකදී විරුද්ධ ලිංගිකයෙක් ගැන හැඟීමක් ආදරයක් ඉබේ ඇති වුයේ කෙසේද? ඔවුන් එකිනෙකාට ඇළුම්ව සිටීමට සිතට සිතිවිලි ඉබේ ඇති වුයේ කෙසේද?
මේ සියල්ල දෙස බලන කල යම්කිසි විශිෂ්ඨ සැලසුමකින් මෙම සියළු ක්‍රියාවලීන් වෙලී ඇති බව පසක් නොවේද? මේ අතිවිශිෂ්ඨවු සැලසුම ඉබේ ඇති වුවක්ද?
ෆාතිමා යුස්රා හුසේන්
පුත්තලම
යහමග මාසික ඉස්ලාමීය පුවත් පතෙහි ජනවාරි කලාපයේ පලවු ලිපියකි.
nisitha on 31 Jan 2012 at 10:09 pm #
wishwaya yanna wistara kala noheki taram ati wishala bawath prutuviya,minisun ehi yam kotasak pamanak bawath obata nowetaheida?polawa waayun walata pasu jeewaya eti una bawa vidyawa oppukara ewarai.parinamawadaya anuwa minisage vikashaya sidu woo akaraya nowetaheida?
wishwaya mewoo deviya inne kohida?
kamal on 23 Apr 2012 at 7:11 pm #
සහෝදරිය;
මේ ලිපිය බහොම ලස්සනෛ. සුරඟන කතාවක් වගෙඉ.