Published by Anver on 07 Jun 2010 at 11:23 am
මොහොමඩ් අකීල් ප්‍රනාන්දුගේ පුනරාගමනය
මෙම ලිපිය මෑතකදී ඉස්ලාමයට සපැමිණි සහෝදරයෙකු විසින් ලියන ලද්දකි. මා මෙම ලිපියට මොහොමඩ් අකීල්ගේ පුනරාගමනය යන මාතෘකාව යෙදීමට හේතු වූයේ ඉස්ලාමයට අනුව අප විශ්වාස කරන්නේ ලොව ඉපදෙන සෑම දරුවෙකුම ඉපදෙනු ලබන්නේ මුස්ලිම් (දෙවිදුන් වන අල්ලාහ්ට අවනත) ලෙසයි. ඔවුන් වැඩෙන විට ඔවුන්ගේ දෙමව්පියන්ගේ දහම් වෙත නිරායාසයෙන් සංක්‍රමනය වෙති. මේ නිසා අප ඉස්ලාමයට සපැමිණෙන අයව හදුන්වන්නේ හැරුණාවුවන් (converts) ලෙස නොව පුනරාගමිකයන් (reverts) ලෙසයි.
මොහොමඩ් අකීල් ප්‍රනාන්දුගේ පුනරාගමනය
මහා කාරුණික පරම දයාබර අල්ලාහුතආලාගේ නාමයෙන් ආරම්භ කරමි.
සකල ලෝකය තුල පවත්නා පරම සත්‍ය මාර්ගය තුළට අවතීර්ණ වීමට ලත් භාග්‍ය මුල්වු සතුටු සිතින් මෙය සටහන් තබමි. බෞද්ධ පවුල් පසුබිමක පවුලේ සතරක් වු දරුවන්ගෙන් බාලම දරුවා ලෙස උපන් මා අකිල් ලෙස හදුන්වා දෙන්නම් ඔබට
කුඩා කල සිටම යම් දෙයක් විමර්ශනයෙන් හදුනාගැන්මට බාරගැනිමට මා තුළ වු කැමැත්ත හේතුවෙන් ඉස්ලාම් ධර්මය මුස්ලිම්වරුන් පිළිබදව මා තුල නිතර පැවතියේ කුකුසකි. පියාගේ රැකියාව හේතුවෙන් අගනුවර කොළඹ ආශ්‍රිතව ජීවත් වීමට සිදුවිමෙන් පාසල් අවධිය තුලත් ජන සමාජය තුලත් විවිධ ජාතීන් විවිධ ආගම් අදහන ජනකොටස් සමග සම්බන්ධවිමේ භාග්‍ය ලදිමි. අන් ජනකොටස් හා සන්සන්ධනයේදී සාමුහික ජිවන රටාව ඇසට ලක්නොවන දෙවිකෙනෙකුන් (අරූප) වන්දනාව ආදී කැපී පෙනෙන වෙනස්කම් පිළිබදව මා තුළ පැවතියේ දැඩි කුකුසකි. කෙසේ වෙතත් බෞද්ධයන් ලෙස අරටු බැසගත් පවුල් පසුබිමක ජීවත්වීම නිසාත් දකින්නට අසන්නට සමාජයෙන් මතුපිටින් ලැබු දේ මුල්කොට වැරදි අර්ථකථන සමග නිමා නොවු සිතුවිලි වලින් ඉස්ලාමය පිළිබද වු සිතුවිල්ල යටපත්වී පැවතීය. අදාල කාලය තුල මාගේ හොදම මිත්‍රයන් ලෙස ලගින් ඇසුරු කල අරූස් විරෝන් ආදී මිතුරන් අදටත් සතුටු සිතින් සිහිපත් කරමි.
පියාගේ රැකියාවත් අපගේ අධ්‍යාපන කටයුතුත් අවසානයේ කොළඹ සිට පානදුර බලා අපගේ වාසස්ථාන හුවමාරු කොට නාගරික බවින් මිදුනු අර්ධ නාගරික පරිසරයක ජීවත්විමට පැමිණියෙමු. වර්ෂ 2006 දෙසැම්බර් මස මාගේ සිතතුල පෙර කිසිසේත් තැන්පත්ව නොතිබු අයුරින් විදේශ රැකියාවක් සදහා පිටත්විමේ අවස්ථාව වටපිටාව නිර්මාණය විය. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රාග්ධන නුවර වු අබුඩාබි බලා මා පිටත් වුයේ නැවුම් හැගුම් රැසකින් යුතුවය. පලමු දින ගනනාවම දරාගත නොහැකි හැගුම් පාලුවත් අසහනකාරි බවත් සිත තුල වෙලා ගති. දසතින් පෙනෙන ගොඩනැගිලි පරිසරයෙන් මිදි දසතින් පෙනෙන කාන්තාර පසුබිමක මාගේ රැකියා ස්ථානය පිහිටිය. සියලු සැප පහසකම් මධ්‍යයේ දසතින් නොසෙල්වී නැගී සිටියේ වැලිකතරයි.
ඉස්ලාමය ගරු කොට ජීවත් වන බහුතරය මුස්ලිම්වරුන්ගේ සෑදුනු රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල මාගේ රැකියා ස්ථානයේත් ස්වභාවය එයම විය. මුස්ලිම්වරුන් සදහා වන්දනාමාන කිරිමට නිමවු විශාල පූජනීය ස්ථානයන්ද ආසන්නයේ තනා තිබිනි. මා රක්ෂා කල අදාල ආයතනයේ ආහාර පාන භාරව සිටි සමාගමේ කාර්යාලයේ කටයුතු ඉතා කාර්ය බහුල විය. ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඉන්දියානු නේපාල් ආදී ජාතින්ගෙන් සැදුම්ලත් අප කාර්ය මණ්ඩලයට අමතර විශාල අරාබි ජාතීන් පිරිසක් මෙන්ම පිලිපීන් ජාතීයත් සුලු ප්‍රමාණයක්ද රැකියා කළහ. උදෑසන 6 ත් සවස 2ත් මාගේ රාජකාරී කාලය විය. අමතර රාජකාරි පැවති වෙලාවත් හැරුනු කොට සෙනසුරාදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාජකාරි කලයුතු වු අතර සිකුරාදා දිනය උදෑසන 6ත් දහවල් 12ත් රාජකාරි කටයුතු සිදුවිය. දිනකට පස්වතාවක ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශනය වු අල්ලාහු අක්බර් අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ් ආදී වශයෙන් වු නැමදුම් මුලු මහත් කාන්තාරය පුරාම විසිර යයි.
දිනකට 5 වතාවක් ආයතනය තුල සේවය කල මුස්ලිම් ජාතිකයන් අදාල කාලයන් හිදී එක්ව පල්ලිය වෙත ගොස් නැමදුම් කර පැමිණෙයි. රාමසාන් කාලය මා වඩාත් සිත් ගත් කාලය විය. සුවිශේෂ වු කැප කිරිමකින් සදා බැතිබරව රාමසාන් මාසය ඉතාමත් ගෞරව සම්ප්‍රයුක්තව අල්ලාහ් නැමදීමේ යෙදුනු බැතිමතුන්ට සංග්‍රහ සත්කාරයද මා හට සතුට ගෙන දෙන්නක් විය.
කාලය ගතවෙමින් පවතින අතර අධික රස්නය පිරි ඇතැම් දිනක රාත්‍රී කාලයේ එළිමහනේ ඇවිද පැමිනිමට මා ප්‍රිය කළෙමි. එසේ වු දින කිහිපයකදීම මාගේ ඇසට හමුවු අයෙකි අවු: 25 ක් පමණ ශ්‍රී ලාංකිකයෙකුද වු ඔහු රාත්‍රී අවසාන නැමදුම සිදුකර පැමින එලිමහන් අසුනකට වි අහස දෙස බලාගෙන නිතර කල්පනා බරව හුදකලාව සිටිනු මා නෙත ගැටි ඇත. නමින් සානාස් වු එම සොදුරු තරුණයා පසුකොට යන විට සිනාසී කතා කොට යෑම පුරුද්දක් වු අතර අවසන නතරව කතාකරන්නට තරම් අප අතර මිතු දහම් ඇති විය. මා විසින් අසන ලද ප්‍රශ්නය මට අදටත් මතකය.
මොනවද ඔච්චර අහස දිහා බලාගෙන හොයන්නේ? පිළිතුර වුයේ නැහැ මම මේ අහසෙ මොකුත් හොයනවා නෙවෙයි මේ ලෝකෙ කොච්චර විශාලද මේ විශාල ලෝකෙ අල්ලාහ් ගේ නිර්මාන කොච්චර පුදුමද කියලයි.
එතනින් ආරම්භවු කතාව කොපමණ දුරදිග ගියාද? මෙය කියවන ඔබත් බෞද්ධයො විදියට ඒක ගැන තර්ක කරන්න අපි කොච්චර කැමතිද කියල දවස් ගනන් අපි කථා කලා මගේ හිතේ ඉස්ලාමයට විරුද්ධව තිබුනු සියලු ප්‍රතිවිරෝධය මා ලෝභ නැතිව මුදා හැරිය. ඇතැම් විට ඇස් රතු උණත් පුදුමයකට වගේ අපි තරහ වුනේ නෑ. ඔබ කතා බහ අතරෙ මගේ හිතේ තිබුන බොහෝ කරුණු සත්‍ය නෑ. නිවැරදි නෑ කියන එක මගේම යටිහිත කියුවා ඒ අතරේ දිනක් සානාස් මට ලොකු පාර්සලයක් ගෙනත් අතට දුන්නා. (මාස 2කට පමණ පසු) කිලෝ 10 විතර බර ඒ පාර්සලේ අතට අරගෙන මම මුණ දිහා බැලුවම දිග ඇරල බලන්න කියුවා. ඒ තුල තිබුනෙ කොළ පාට කවර වලින් යුතු පොත් 6 ක්. ඒ එක් පොතේ රත්තරන් පාටින් මුද්‍රණය කොට තිබුන ඉදිරි පස අල් කුර්ආන් අර්ථ විවරණය යනුවෙන්
එහි ඉදිරි පිටක මෙසේ සදහන් විය.
සැබවින්ම (මෙම අල් කුර්ආනය ) සද්ධර්ම මාර්ග කරා (සමාජයට) මග පෙන්වයි.
මෙවැනි කරුනු සළකා බැලිමේදි අල් කුර්ආනය අධ්‍යනය කිරිමද එය අනෙක් අයට ඉගැන්විමද මහගු සත් ක්‍රියාවන් ලෙස සැලකේ. මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිවසල්ලම්) තුමානේ මෙසේ පැවසුහ. අල්කුර්ආනය තමා අධ්‍යනය කර අන් අයටද එය උගන්වන තැනැත්තා ඔබ අතරින් විශිෂ්ඨතම තැනැත්තෙකි.
ඉතින් ප්‍රිය සහෝදරය මෙතැනින් ඉදිරියට එම අති උතුම් වු අල් කුර්ආනයෙහි අන්තර්ගත වු දෑ මා ඔබට පවසන්නට නොයම්. ඉහත වැකියත් සමග අදුරු වළාවන්ගෙන් වැසි තිබු සදක් මෙන් මාගේ මනසද එම අති උතුම් ග්‍රන්ථය පරිශිලනයට නැඹුරු විය. සත්මාර්ගයට පැමිණෙන්නේ යමෙක්ද අල්ලාහ් විසින් ඔවුනට සියලු මාර්ග ඒ සදහා විවෘත කොට දෙයි. මහත් කාලයක් වැයකොට අල්කුර්ආනය මෙන්ම අනෙකුත් පරිශිලන ග්‍රන්ථ පරිශිලනයෙන් දැහැම් ඇත්තන්ගෙන් දැනුම ලබා ගෙන එම අති උතුම් ඉස්ලාමය වැලද ගැනිමට මා තීරණය කරන ලදි.
පිටස්තරින් පෙනෙන දෑ මත නොව අති උතුම් වු අල්කුර්ආනය පරිශිලනයෙන්ම අල්ලාහ්ගේ යටතට මගේ ජීවිතය පත්කරන්නටත් මුහම්ම්ද් (සල්) තුමාගේ මාර්ගය ගන්නටත් මවිසින් දැඩිව තීරනය කරන ලදි. හදපත්ලෙන්ම ගනු ලැබු එම තීරණය ශ්‍රී ලාංකිකයකු ලෙස කිසිදු ලාභ ප්‍රයෝජනයකට යටත් නොවී ඉෂ්ඨ කිරිමට ලංකාවට වාර්ෂික නිවාඩු සදහා පැමිණි මා තීරනය කරන ලදි.
අල්ලාහ්තආලාගේ මග පෙන්විමක් මහා කාරුනික භාවවත් මුල්කොට එම සියලු කරුනු ලංකාව තුල සැබෑම සහෝදරත්වයෙන් මා හට සිදුකොට ගැනිමට උපකාර කල අන්වර් සහෝදරයා (දාවාහ් කෝනර්) රාජා සහෝදරයා ඇතුලු සියලු දෙනාහට අල්ලාහ්තආලාගේ ආශිර්වාදය මහා කරුණාව ලැබේවායි පතමි.
අද මා ඉස්ලාම් දහම වැලද ගත් මුස්ලිම්වරයකු ලෙස ලබන ශක්තියට අල්ලාහ් හට සියලු ප්‍රශංසා හිමි වේවා ඉතින් දයාබර සහෝදරය සහෝදරිය මා ඔබට පවසන්නේ මෙතරම් දියුනු සමාජයක ලැබු දේ මුල්කොට ජීවත් නොවන්න සත්‍යය කුමක්ද යන්න වටහා ගන්නට දිරිය වන්න.
එව – බලව
අකීල්
kapuwa on 28 Jun 2010 at 6:27 am #
dont tell lies , and dont try copy buddhist phrases to foolish islam
Akil on 28 Jul 2010 at 3:29 pm #
අස්සලාමු අලෛකුම්,
මේක බොරු කියලා කියන්න ඔයා මාව දන්නවද? මම කැමතියි මූණට මූන හමුවෙලා ඔයත් එක්ක කථා කරන්න එවිට ඔබ තේරුම් ගනියි මේ කථාව යථාර්තයක්ද? නැද්ද යන වග මම ඔබට ඔප්පු කිරීමට කැමැත්තෙමි.
මොහොමඩ් අකිල් ප්‍රනාන්දු
Sarindu on 13 Aug 2010 at 6:55 pm #
අපරාදේ. . . ඔබ ඔබේ ජීවිතය විනාශ කර ගත්තා. . . මම නම් හිතන්නේ තාමත් ඔබට කාලය තිබෙනවා. . . මනස්ගාත අතහැරලා හරි මගට එන්න…
නිර්නාමික on 01 Sep 2010 at 1:33 am #
මටත් කියන්න තියෙන්නේ
එව – බලව (ඒහිපස්සිකෝ) කියල තමා
අප්පුහාමි on 01 Sep 2010 at 10:16 am #
මිත්‍රයා ඔබගේ ලිපිය හොදයි. නමුත් මට එක ගැටලුවක් තිබෙනවා. යමක් තෝරාගන්නේ කිහිපයක් සමග සැසදීමෙන් නේද.
01 ඔබ එසේ සැස දීමක් කලාද.
02 විශේසයෙන් ඔබ සිටි ආගම එනම් බුද්ධාගම පිළිබද ඔබ දැනුවත්ව සිටියාද.
03 එයි ඇති සුත්‍ර දේශණා කියවා ඒ සමග ශුද්ධවූ කුරාණය සසදා බැලුවේද.
04 දීග නිකායේ ඇති බ්‍රහ්මජාල සුත්‍රය හෝ කාලාම සුත්‍රය කියවා තිබේද
05 නොඑසේ නම් අර හමු වූ මිත්‍රයා කී දේ එසේම විශ්වාස කලාද.
ඔබට සම්පූර්ණ අයිතියක් තිබෙනවා මෙම රට තුල ඔබ කැමති ධර්මයක් ඇදහීමට හො විශ්වාස කිරීම මන්ද මෙම රට බුදු දහමින් පෝෂණය වූ රටක්. එයි ඕනෑම ආගමකට ආගමික නිදහස තිබෙනවා.(සමහර බුද්ධාගමේ කියන අයගේ අශිලාචාර වැඩ ඇරුනම)
නමුත් ඔබ මා විසින් ඉහත ඉදිරිපත් කල ප්‍රශ්ණ වලට සාධාරණ පිලිතුරක් ඉදිරිපත් කරයි කියා මා විසිවාශ කරණවා.
Anver on 24 Nov 2010 at 9:29 am #
බලන්න බුදුරජාණන් දෙසු දහම පිරිසිදුව ලබා ගන්න අද තිබෙන මූලාශ්‍ර කවරේද? ත්‍රිපිටකය ලියවී ඇත්තේද වසර 500 කට පමණ පසුව නොවේද?
Jaundalynn on 21 Aug 2011 at 6:32 am #
Hey hey hey, take a gadner at what’ you’ve done
www.rawaya.net on 02 Sep 2011 at 8:00 pm #
අන්වර් සහොදරයා, මෙම සටහනේ අරමුන කිසිම ආගමකට හෝ පුද්ගලයෙකුට ගැරහීම නොවන්නේය. නමුත් සයිබර් අවකාෂයෙ ආගමික මඩ ප්‍රහාර එමටය, එවන් මඩ ප්‍රහාර සෑබෑ ලෙසම තමා අදහන්නා වූ ශාස්තෘවරයටම කරන නිගාවකි. බුද්ධදර්මය ලියන ලද්දේ කවරෙකු විසින්ද , කවර කාලයකදීද යන්න එහි මුඛය අරමුන බිද නොහෙලන්නකි. බුදුන් දෙසූ ධර්මය සරල වචනාර්ථ 3කි. එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන්නයි. අනිත්‍ය යනු පන ඇති, පන නැති සියල්ලන් අභාවයට යන බවය. අභාවයට යන වස්තූන්ට පෙම් බැදීම දුකට හේතුවය.අනාත්ම යනු සියල්ල අනිත්‍ය ලෝකයේ මම යයි පුද්ගලයෙකුගේ පැවැත්ම හෝ මතු පැවැත්ම මිරිගුවක වන් සංඥාවක් පමනක් බවය. මෙකී සරල සත්‍ය තේරුම් ගැනීම දුක නීවීමට හේතු වනුය. බුදුන් දෙසූ ධර්මයේ අරමුන දුක නිවීමය .එහෙයින් මෙකී වචන ත්‍රිත්වය ලියුවෙ බුදුන් මියගිය පසු වසර 500 කින්ද 1000 කින්ද යන්න පිලිබදව තර්ක කිරීමේ ඇති ඵලය කිමද?
මොහමඩ් on 27 Sep 2011 at 5:19 pm #
මම ඔඹ ගැන සතුටු වෙන්වා සහෝදරයා
හැම කෙනාම ඉස්ලාමය ගැන බලන්නේ යටි හිතේ කුමක් හෝ වැරදි අදහසක් ඇතිවයි
මෙහි කියන්නේ කුමක්ද කියල දැනගන්න ඕනේ කියන චේතනාවත් එක්ක ඉස්ලාම් ආගම ගැන හොයලා බලන්න කියලයි කාට කාටත් මම කියන්නෙ. ඉස්ලාම් කියලා දෙන්නාවූ රමණීය ජීවන මාර්ගයන් එවිට ඔඹට දැක ගත හැකිවනු ඇත
කරුනාකරලා ඉස්ලාම්හි මිණී මරුවගෙ බෙල්ල කපන්න කියල තියෙනවා, හොරාගෙ අත කපන්න කියල තියෙන්වා … කියාගෙන මොකුත් කියවන්න යන්න එපා, ඒ ඒ දඩුවම් දීම සදහා හුගක් ‘කොන්ඩිෂන්’ තියෙනවා, ඒවත් හරිහැටි කියවන්න