Published by Anver on 25 Oct 2009 at 07:20 am
සිංහල කෙනෙකු ආගම හැරලූ පමණින් අසිංහල වේද?
මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි. මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත් අවධානයට යොමු නොවූ එහෙත් ඉතා දැඩි ලෙස අසාධාරණයට ලක් වන්නාවූ සමාජ කොටසක් ගැනයි. එනම් ඉස්ලාම් දහම වැලඳ ගත් අයට ඔවුන්ගේ පවුල් වලින් සහ සමාජයෙන් සිදුවන දැඩි සාහසික සහ අත්තනෝමතික ක්රි යාවන් ගැනයි.
තමන් කැමති දහමක් හදාරා ඒ දහම වැලඳ ගැනීම යනු පුද්ගලයෙකු සතු අයිතිවාසිකමකි. එය අප රටේ ව්යනවස්ථාවෙන්ද සම්මත අයිතිවාසිකමකි. මෙලෙස දහමක් හැර යාමෙන් සිදුවන්නේ මිනිසෙකුගේ ආධ්යාසත්මික සහ චර්යාත්මක වෙනසක් මිස අනෙකුත් සමාජ සම්බන්ධතා වල වෙනසක් සිදු නොවේ. එමෙන්ම යම් කෙනෙක් තම දහම වෙනස් කල පමණින් ඔවුන්ගේ ඥාති සබඳතා වෙනස් වීමක් සිදු නොවේ. ඒ මන්ද යත් ඥාති සබඳතා යනු අපගේ ශරීරය සහ රුධිරය සමග බද්ධ වූවක් බැවින් එය එය අධ්යා ත්මික සහ චර්යාත්මක වෙනසකදී අදාල නොවන සාධකයකි.
අපගේ කථාවට අදාල තැනැත්තිය දකුණු ලක, මාතර දිස්ත්රිික්කයේ, හක්මන, දෙනගම ප්රටදේශයේ උපත ලැබූ කෙනෙකි. ඇයගේ දෙමව්පියන් සහ මුළු මහත් පරපුරම බෞද්ධයන් වන අතර ඇයගේ පියා ගමේ පන්සලේ දායක මහතෙකු ලෙසද කටයුතු කරයි. සහෝදර සහෝදරියන් රැසක් පිරිවරා ජීවත් වූ ඇය පන්සලේ දහම් පාසලෙන් මනාව ඉගෙනුම ලැබ දහම් පාසැල් ගුරුවරියක ලෙසද කටයුතු කර ඇත. අපොස උසස් පෙල විද්යාල විෂයන්ගෙන් සමත් වූ ඇය පසුකාලයේ කොලඹ රැකියාවකට පැමිණ ඇත. රැකියා කිහිපයකට මාරුවෙමින් ගොස් ඇය නතරවූයේ දේශපාලනයට සම්බන්ධ මුස්ලිම් කාර්යාලයකයි. එහිදී ඇයට මුස්ලිම් වරුන් යනු කවුදැයි හඳුණා ගැනීමට ලැබුණු නමුදු ඇයට ඉස්ලාම් ධර්මය ගැන දැනුවත් කිරීමකට සුදුසු පුද්ගලයෙක් එහි නොවීය.
පසුකලෙක මලයාසියාවේ පාඨමාලවක් හැදෑරීමට ගිය ඇය. එහිදී ඉස්ලාම් ධර්මයද හැදෑරීමට පටන් ගත්තාය. එමගින් ඇගේ ජීවිතය වෙනස් වූ අතර ඇය මෙතෙක් වසර 33 කට ආසන්න කාලයක් අදහමින් තිබූ බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගන්නා ලදී. ඉන් අනතුරුව මලයාසියාවේ ඉස්ලාම් දහම සම්බන්ධයෙන්ද පාඨමාලාවක් හැදෑරූ ඇය පසුව සිය දෙමව්පියන් බැහැදැකීමට සිය නිවස බලා පැමිණියාය. එහිදී අය දැන් මුස්ලිම් වරියක් බව දැනගත් ඇගේ පියා දැඩි ලෙස කිපී ඇයට පහර දී නැවත බුදු දහම වෙත එන ලෙස ඇයට බල කළ අතර ඇය ඉන් නොසැලී සිටීම නිසා එම නිවසින් පිටව යන ලෙස පියා පවසන ලදී. ඉස්ලාම් ධර්මය නිසා සිය සහෘදයන් සියල්ලන්ම අහිමි වන තත්වයකදී ඇය කොළඹ පැමිණ රැකියාකවකට ගොස් මුස්ලිම්වරියක ලෙස තනිවම ජීවත් වීමට පටන් ගත්තාය.
එහිදී තම පියාට හොරෙන් අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ සුවදුක් බැලූ ඇය, ඔවුන්ගේ ඕනෑ එපාකම් වලදී සහෝදරියකගේ යුතුකම් මනාව ඉටුකරන ලදී. විවාහ වීමට නිසි වයස පසුවෙමින් පැවති එම කාලයේ ඉස්ලාම් ධර්මය වැළඳගත් තවත් සිංහල තරුණයෙකු මුණ ගැසුණු ඇය එම තරුණයා සමග ඉස්ලාම් ධර්මයට පැමිණ වසර 4 කට පසුව විවාහ විය. මෙම විවාහයෙන් පසුව නැවත වරක් තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් සමග සම්බන්ධ වීමට ඇය උත්සාහ දැරුවද ඇය සමග පවුලේ කෙනෙකු සම්බන්ධ වුවහොත් ඔවුන්වද පවුලේ සම්බන්ධතා වලින් නෙරපන බවට පියා තර්ජනය කිරීම නිසා එම උත්සාහයද ලත් තැනම ලොප් විය.
ඇය දැන් සිටිනුයේ වයස 38 දී ඇයගේ කුසින් බිහිවන ප්ර ථම දරුවා ලොවට බිහිවනතුරු බලා සිටින අවදියකයි. ඇයද ඇගේ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම ඉස්ලාම් ධර්මය වැලඳ ගත් අය බැවින් මේ වන විට කිසිදු ඥාති සබඳතාවක් පැවැත්වීමට ඔවුන් දෙදෙනාගේම ඥාතීන් ඉදිරිපත් නොවේ. මේ වන විට ඇගේ සැමියා විදෙස් ගතව සිටින බැවින් ඇයව බලාගන්නේ ඇයට කිසිදු ඥාතීත්වයක් නොමැති වුවද තම දරුවෙකු මෙන් ඇයට සලකන්නාවූ මැලේ ජාතික යුවලක් විසිනි. ඇගේ මව ඇය කුඩා කාලයේදීම අනතුරකින් සිහිය විකල් වීම නිසා ඇය අද සිටින්නේ මව් සෙනහසද පිය සෙනහසද අහිමි කර ගෙනය. ඇගේ සහෝදර/සහෝදරියන්ගේ ඕනෑ එපාකම් සියල්ල ඉටු කල ඇයට අද ඔවුන්ද නොමැත.
ජනතා අධිකරණයට චෝදනා පත්ර ය
1. ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?
2. ශ්රේගෂඨ දහමක් දේශණා කල බුදුරජාණන් අනුගමනය කරන්නන් යැයි පැවසුවද ඇගේ පියා සහ සහෝදර සහෝදරියන්ගේ ක්රිණයාවන් සත්ය වශයෙන්ම බුදු දහමට නිගා දෙන්නක් නොවේද?
3. එසේ නම් ඔවුන් බොදුනුවන්ද?
4. සිංහල අපට සිංහල කියා ආගමක් නොමැත මේ සියළුම දහම් ආනයනය කළ දහම් නොවේද?
5. මෙවැනි අයගේ ක්රිගයාවන් ගැන ඔබගේ අදහස කුමක්ද?
SSSS on 17 Dec 2009 at 10:26 pm #
@ Anver Agreed
Anver on 24 Dec 2009 at 8:08 pm #
සියළුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.
කරුණාකර මෙම වෙබ් අඩවියට සිංහලෙන් ලියන්න උත්සාහ දරන්න. මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන් සිංහලෙන් පලකිරීම අපගේ අරමුණයි. මන්ද ඉංග්රීසි වෙබ් අඩවි ඕනෑ තරම් තිබෙනවා.
SSSS on 27 Dec 2009 at 1:59 am #
Great anver great answers keep it up
peace
No Frames on 01 Apr 2010 at 1:59 pm #
අන්වර් සඳහා ප්රශ්නය – මුස්ලිම් යනු ජන වර්ගයක් ලෙස සඳහන් වන්නේ ඇයි?
රටවල් හෝ ජනවර්ග ලෙස වෙන්වීම ඉස්ලාම් ආගම අනුව හරාම් නොවේද?
මේ අනුව ඔබ සිංහලයෙක් යයි කියා ගන්නා විට ඔබ කුරානයට විරුද්ධ වනවා නොවේද?
Anver on 25 May 2010 at 5:37 am #
මුස්ලිම් යනු ලොව විවිධාකාරවූ ජන වර්ග අතරේ වැඩිම ජන වර්ග ප්රමාණයක් අදහන දහමයි. එය එක ජන වර්ගයකට පමණක් අයත් වූවක් නොවේ.
රටවල් සහ ජන වර්ග වශයෙන් මිනිසා නිර්මාණය කරන ලද්දේ දෙවිදුන් වන අල්ලාහ් විසිනි. දෙවිදුන් මෙලෙස එකිනෙකට වෙනස් ජන වර්ග ඇති කරන ලද්දේ ජෛව විවිධත්වයේ තවත් අංගයක් ලෙසිනි.
මම සිංහලයෙක්මි. එමෙන්ම සිංහල මුස්ලිම් වරයෙක්මි. මම කුර්ආනයට විරුද්ධ නම් එයට සාධක දක්වන්න. (කුර්ආන් පාඨයන් මගින්)
නන්දන/kekirawa on 21 Aug 2010 at 7:29 pm #
උත්සහය අගය කරමි.වෙනත් ආගම්වලට අපහාස නොවෙන ලෙස ඉඩිරියට යන්න.තාර්කික වන්න, උගතුන් බුද්දිමතුන් අගය කරවි, සම්භන්ද වේවි. ඉදිරියටත් අද්දියනය කරමි. (thanks to U.N.S) Nandana Perera.
අප්පුහාමි on 01 Sep 2010 at 2:01 pm #
මම ප්රශ්ණ වලට උත්තර දෙන්නම්. නමුත් මේවා මගේ මතයයි.
1 නැත. සිංහල යන්න ජාතියකි නමකි. ආගම අත්හැරීම ජාතියට බල නොපායි.
2 ඔව්. ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය බුදුරජාණන් වහන්සේ විසින් පිළිගෙන ඇති අතර තමා විසින් කර ගන්නා යම් දෙයක් ඇද්ද එය ඔහු හෝ ඇය විසින්ම පිළිගැනීමට සුදානම් විය යුතු බව මූලික හරය වේ.
3 සත්ය වශයෙන්ම බොදුනුවන්නම් එසේ හැසිරීමක් දක්නට නොලැබේ. තමා විසින් කරන හොද නරක ප්රථිපල තමා සදහාමායි.(සත්ය බොදුනුවන් සත්ය නිසියාකාරව දනී.ඔවුන් කිසිදා වෙන ආගමකට නිගරු නොකරන අතර සත්ය දන්නා නිසා වෙනත් ආගම් වැළද ගැනීමේ අවකාශයක්ද නැත. දහම් පාසැලක ඉගැන්වූ පමණින් ධර්මය දන්නවා යැයි සිතීම මුලිවකි. ධර්මයේ ප්රධාන ලක්ෂණය ‘ඕපනයික ‘ ගුණයයි. එනම් ධර්මය තමා තුලින් දැකිය යුතුය. එසේ නැතිව උප්පැන්න සහතිකයේ තිබූ පමණින් ඔහු හෝ ඇය බොදුණුවෙකු වන්නේ නැත. )
4 සිංහළ යන්න ජාතියකි. බුද්ධාගම යනු ආගමකි. එය පිළිගැනීමට ඕනෑම ජතිකයෙකුට පිළිවනි. එවිට ඔහු හෝ ඇය බොදුනු වීම මිස ජාතිය වෙනස් විමක් සිදු නොවේ. ඒ නිසා සිංහල ජාතිකයින් කියා බොදුනුවන් වීම අනිවාරිය්ය නැත.
5 ඇතිතෙම්ම මම පුද්ගලිකව කණගාටු වෙම්. ඔහු(එනම් ඇයගේ පියා) ඇයට නිසිපරිදි බුදුදහම පෙන්වා දී නැත.(ඇයගේ පියා පවා උප්පැන්නයේ බොදුනුවෙක්) ඒ නිසා ඇයට බුද්ධාගමේ ඇති අදීන බව අකාලික බව ස්වාකාත බව තේරුම් ගැනීමේ නොහැකියාව ඇති වී තිබේ. නමුත් ඇය අඩුම තරමේ ධර්මයේ ගුණ(ස්වාකාත අකාලික ආදී ) හෝ දැන සිටියානම් මේ ආකාරයේ තීරණයක් නොගන්නවා ඇත.
වර්තමාණයේ බොහෝ බොදුණුවන් මෙම ආකාරයට ධර්මය නොදන්නා කම මේවැනි තත්වයන් උදා වීමට හේතු වී ඇති බව මාගේ අදහසයි. (ඇය බ්රහ්රමජාල සූත්රය කියවා තිබුනේ නම් මේ වගේ දෙයක් හීනෙන්වත් සිතනනේ නැත. ඇය ඔබ කියන ආකාරයේ බුද්ධිමත් අයෙතුනම් දැන් හෝ එය කියවූවොත් ඇය නැවත නිවැරදි තීරණය ගන්නවා ඇත.)
සලහුදීන් on 15 Apr 2011 at 5:08 pm #
ඉස්ලාම් ආගමෙන් බෞද්ධ හෝ වෙනත් ආගම් වලට පරිවර්තනය වන පුද්ගලයන්ටත් මෙ වැනි ප්රශ්නවලට මුහුණපෑමට සිදුවෙනවා නේද?
sandun dhammika on 22 Jul 2011 at 3:07 pm #
සිංහලයකු මෙන් උපත ලබා තමාගේ වාසනාව නිසා තමාට දයද වූ බුදු දහම අතහැර වෙනත් ආගමක් කර යන මිනිසුන් ට මරය සුබ පතනු ඇත !
Sahan on 29 Jul 2011 at 8:36 pm #
අප්පුහාමි ගේ අදහසට මාත් එකඟයි . බුද්ධිමත් නම් බ්රහ්මජාල සුත්රය කියවන්න කියල මම අරාදනා කරනවා .
Mikel on 21 Aug 2011 at 11:06 am #
Hey, that’s the gertaest! So with ll this brain power AWHFY?
Emmly on 22 Aug 2011 at 9:09 pm #
You saved me a lot of halsse just now.
nisitha on 29 Jan 2012 at 11:11 pm #
1. ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?_-_- ow… sinhala nam aniwaryenma baudda viya yutuya.eheth sinhala nowana bawddayan sitiy.
+ jaatiyak nam eyata sanskrutiyak,baashawak,itihasayak saha eyatama aawenika agamak tibiya yutuya.
+ sinhala baashawa katakara pamanin sinhalayaku nowe,ese nam english katakara pamanin apada britanyan viya yutuya.
+ sinhalayage sanskrutiya baudda darmaya muulikawa eta.sinhala mangalyakadee pooruwa chaaritrayedi jaya mangala gaata kiyanu labai. awamangalyakadee aagama muulikawa katayutu karanu labai.
+ baudda darmaanukuula meme sinhala charitra anugamaanaya kireemata abaudda kenekuta noheka.ebevin oba kiyana e kaantawada අසිංහල වේ……
+ eheth eyawa pawlen kon kireemanam bauddayakuge lakshanayak nowe.