• Sharebar

‍          මගේ මිතුරන් බොහෝ දෙනෙකු මගෙන් දුරකථනයෙන් ඉල්ලුවා නත්තල ගැන මගේ අදහස් පල කරන්න කියලා. ඉතින් මම ඒ ගැන ගවේෂනය කළා. ප්‍රථිඵලය දන්නවද? යේසුස්තුමා එදින ඉපදී නැත. ඇත්තටම මේක වෙනත් දහමකින් කිතු දහමට පැමිණි දෙයක්. ක්‍රිස්තියානි ඉතිහාසය අරගෙන බලන විට ක්‍රි.ව පලවෙනි සියවසෙහි නත්තලක් තියා ගහක්වත් තිබූ බවට සාක්ෂියක් නැත. ඒ ගැන පොතක මෙසේ සඳහන්ව ඇත.

යේසුස් හරියටම ඉපදුනේ කවදාද කියා ඔහු ඉපදී ගතවූ අවුරුදු 200ක පමණ කාලය තුල සිටි මිනිසුන් දැනගෙන සිටියේ නැහැ. ඒ වගේම ඒ දවස දැනගන්න වැඩිදෙනෙක් උනන්දු වුනෙත් නැහැ.

Sacred Origin of Profound Thing

යේසුස් ඉපදුනු දවස ඔහුගේ ගෝලයන් හරියටම දැන සිටියා යයි සිතමු. ඒ වුනත් ඔවුන් එය සමරන එකක් නැති බව ස්ථිරයි. එයට හේතුව එක් විශ්වකෝෂයක මෙලෙස සටහන්ව තිබෙනවා.

ඕනෑම කෙනෙකුගේ උපන් දිනයක් සැමරීම මුල් ක්‍රිස්තියානීන් සැලකුවේ බොරු ආගම් වල චාරිත්‍රයක් ලෙසයි.

The World Book Encyclopaedia

බයිබලයේ සඳහන් වන්නේ උපන්දින සැමරුම් දෙකක් ගැන පමණයි. මේ දෙකම සැමරුවේ දෙවියන්ට නමස්කාර නොකළ පාලකයන් දෙදෙනෙකුගේ උපන්දින ලෙසයි. (බලන්න උත්පත්ති 40.20 සහ මාර්ක් 6. 21) අතීතයේ කිතුණු නොවන දෙවි දේවතාවුන්ට උපන් දින උත්සව පවත්වා තිබෙනවා.  නිදසුනක් ලෙස රෝමවරුන් මැයි 24 වෙනිදා ඩයනා නැමති දේවතාවියගේ උපන්දිනය සැමරුවා. ඊට පසුදින ඇපලෝ කියා ඔවුන් ඇදහූ සුර්ය දෙවියාගේ උපන්දිනය සැමරුවා. මේවායින් පෙනෙන්නේ මුල් කිතුණු සභාවට පසුකාලීණව උපන්දින සැමරුම පැමිණ ඇති බවයි.

මිනිසුන් යේසුස්ගේ උපත දෙසැම්බර් 25 වනදාට සමරන්නට පටන් ගත්තේ ඔහු ඉපදී අවුරුදු සිය ගණනක් ගෙවුනු පසුයි. ඒත් යේසුස් ඉපදුනු දවස එය නොවෙයි. ඔහු ඉපදෙන්නට ඇත්තේ ඔක්තෝබර් මාසයේ කියා බයිබල් විශාරදයන් විසින් මත පලකර ඇත.

යේසුස් ඉපදුනු නගරය වන බෙත්ලෙහෙමේ දෙසැම්බර් මාසයේ පවතින කාලගුණය ගැන සලකා බලන විට යුදෙව් දින දර්ශනයේ කිස්ලෙව් නැමති මාසයේ (නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලයේ) පවතින්නේ සීතල සහ වැසි සහිත කාලගුණයකි. ඒ මාසයට පසුව තිබෙන්නේ නේබන් නැමති මාසයයි. (දෙසැම්බර් සහ ජනවාරි අතර කාලයකි) අවුරුද්දේ අවම උශ්ණත්වය පවතින මේ කාලයේදී කඳුකර ප්‍රදේශ වලට ඉඳහිට හිම වැටේ. ඒ කාලයේදී ඒ ප්‍රදේශයේ පැවති කාලගුණය ගැන බයිබලයේ සඳහන් දෙය බලමු.

බයිබල් ලේඛකයෙකු වන එස්රා පැහැදිලි කරන ආකාරයට කිස්ලෙව් මාසයේ පැවතියේ වැසි සහිත කාලගුණයකි. විශාල සෙනගක් යෙරුසලමේ රැස් වූ බව සඳහන් කිරීමෙන් පසු ඔහු මෙසේ වාර්තා කර ඇත. නවවෙනි මාසයේ (කිස්ලෙව්) විසිවෙනිදා මහත් වර්ෂාව නිසා ඒ මුළු සෙනග වෙවුලමින් ඉඳගෙන උන්නෝය. ඒ මාසයේ පැවති කාලගුණය ගැන ඒ සෙනග මෙසේ පවසා ඇත.

මේ තද වැසි කාලයකි එ‍ලියේ සිටින්ට අපට බැරිය (එස්රා 10. 9, 13 සහ යෙරමියා 36. 22) මේ අනුව දෙසැම්බර් මාසයේදී යෙරුසලම සහ ඒ අවට පෙදෙස් වල එඩේරුන් ඔවුන්ගේ බැටළු රැලවල් සමග රාත්‍රී කාලයේදී එළිමහනේ සිටින්නට නොහැකි බව පැහැදිලිය. නමුත් යේසුස් තුමා ඉපදුනු කළ එලෙස ඔවුන් එලිමහනේ සිටිය බව බයිබලය සඳහන් කරයි. බයිබල් ලේඛකයෙක් වන ලුක් පවසන්නේ බෙත්ලෙහෙම් නගරය අවට සිටි එඩේරුන් රාත්‍රියේ මාරුවෙන් මාරුවට තම බැටළු රැල රකිමින් එළිමහනේ සිටි බවයි. (ලුක් 2. 8-12) එමනිසා මෙම කාලය දෙසැම්බර් නම් ඔවුන්ට එලෙස සිටිය නොහැක. මේ නිසා දෙසැම්බර් 25 වෙනිදා යේසුස් තුමා ඉපදී නොමැත. එතකොට මරණය? මරනය ගැන මම පසුව ලියන්නම් තවම යේසුස්තුමා ඉපදිලත් නැහැනේ ?  ඒකට තියෙනවා මහා සිකුරාදා, අළු බදාද සහ පාස්කු ඉරිදා මම ඒ ගැන කාල වලදී කථා කරන්නම්. ඒ ගැන මට ඒ කාලවලදී මතක් කරන්න.

ඔබට සුබ නත්තලක්! හැබැයි මේක මගේ නක්කලයක් නම් නෙමෙයි.