හූනියම් කිරීම ගැන ඉස්ලාමීය මතය

අද බොහෝ දෙනෙක් තවකෙනෙකුට යම්කිසි විපතක් කිරීමේ අභිලාශයෙන් යන්ත්‍ර මන්ත්‍ර කරුවන් වෙත ගොස් හුනියම් කරති. තමන් විසින් මෙය කරන්නේ තමන්ට කළ අසාධාරණ දෙයකට පලිගැනීමට යැයි සමහරු සාධාරණීකරණය කිරීමටද වෙහෙසෙති. ඉස්ලාමය මේ කුමණ තත්වයකදී වුවද හුනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තහනම් කර ඇත.

ඔවුහු සුලෛමාන් (නබිතුමාණන් – මුහම්මද් නබිතුමාණන්ට පෙර සිටි මානව දුතවරයෙකි) ගේ පාලන සමයෙහි (එතුමාට) විරුද්ධව ෂෛතාන් (මුස්ලිම් වරුන්ගේ සතුරන්) වරුන් සජ්ජායනය කළ දේම අනුගමනය කළහ. එනමුත් සුලෛමාන් කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නෙකු නොවීය. ප්‍රතික්ෂෙප කරන්නන් ෂෛතාන් වරුන්ය. මිනිසුන් හට සූනියම් ඉගැන්වූයේ ඔවුන්මය.

එසේම, බබිලෝනියාවේ විසූ හාරුත් සහ මරුත් යන ස්වර්ග දූතවරු දෙදෙනාට පහල කළ දේද (ව්‍යාජ මාර්ගයෙන් ප්‍රායෝගික කිරීමට ඉගැන්වූහ) එනමුත් ඔවුන් (ස්වර්ග දූතයන්) දෙදෙන නියතව අප සෝදිසි කරුවන් ලෙස සිටින්නෙමු. (මෙය ඉගෙන ගෙන) නුඹලා ප්‍රතික්ෂෙප කරන කාෆිර් ලෙස පත් නොවන්න යැයි පවසා අවවාද කරනතෙක් කවරෙකුට හෝ මෙම හුනියම් ඉගැන්වූයේ නැත. එසේ වුවද ඔවුන් අඹුසාමියන් වෙන්කිරීමේ කාර්යය ඔවුන්ගෙන් ඉගෙන ගත්හ. නමුදු අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව ඔවුන් කවරෙකුට හෝ කුමණ අයහපතක් වත් මෙමගින් සිදුකළ නොහැක.

තමන්ට අයහපත ගෙන දෙන සහ කිසිදු පලක් නොදෙන‍ දේ (පමණක්) ඔවුන් ඉගෙන ගත්හ. (හුනියම) මිලදී ගත් තැනැත්තන්ට අවසාන දිනයෙහි කිසිදු භාග්‍යයක් නොලැබෙන බව ඔවුන් පැහැදිලිව දැන සිටිති. ඔවුන් සිය ආත්මය පාවාදී ලබාගත් දේ නපුරකි. මෙය ඔවුන් නොදත යුතුද? යනුවෙන් අල්ලාහ් වදාරන්නේය.

ශුද්ධවූ අල්-කුර්ආනය 2. 102

හුනියම් කරන්නා කුමණ තැනක ගියද, ඔහු කිසිසේත් ජයග්‍රහණය නොලබයි. යන්වෙන් අල්ලාහ් වදාරන්නේය.

ශුද්ධවූ අල්-කුර්ආනය 20. 69

විනාශය ගෙන දෙන කරුණ හතකින් වැලකී සිටින්න යනුවෙන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පැවසු විට එතුමාගේ අනුගාමිකයන් අල්ලාහ්ගේ දුතයාණෙනි, ඒවා මොනවාද? යනුවෙන් විමසුහ. එවිට එතුමා ඒවා නම් අල්ලාහ්ට ආදේශ තැබීම, හුනියම් කිරීම, අල්ලාහ් ගරුකර ඇති ජීවිතයක් අයුක්ති සහගතව ඝාතනය කිරීම, පොලිය පරිබෝජනය කිරීම, අනාථයන්ගේ සම්පත් (සුරා) කෑම, යුධ පිටියෙන් පලායාම සහ විශ්වාසනීය පතිවත රකින අහිංසක කාන්තාවන්ට නින්දා කිරීම යනාදීන් යනුවෙන් පැවසූ බව අබූ හුරෛරා (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) වාර්තා කර ඇත.

මූලාශ්‍රයන් බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථ

මෙහිදී අප ඉගෙන ගන්නාවූ කරුණු කිහිපයකි. එනම්

  1. 1. ඉස්ලාමයට අනුව හුනියම් කිරීම තහනම්ය. එය විනාශය කරා ගෙන යන පාපයකි.

  1. 2. මෙය මිනිසෙකුව ඉස්ලාමයෙන් පිටමං කරන්නාවු කරුණු වලින් එකකි. මන්දයත්, අල්ලාහ් අප නියත වශයෙන්ම සෝදිසියෙන් සිටිමු. (මෙය ඉගෙන ගෙන) නුඹලා ප්‍රතික්ෂේප කරන කාෆීර් ලෙස පත් නොවන්න යනුවෙන් පවසන්නේය. මෙය ෂෛතාන් (අල්ලාහ්ගේ විරුද්ධ කාරයා)ට කරන වන්දනා මානයකි.

  1. 3. හුනියම් කරුවෙකු හමුවට යාම සහ ඔවුන් සමග කථාබහක යෙදීම සපුරා තහනම්ය.