Archive for October, 2011
Published by Anver on 31 Oct 2011
විද්‍යාවේ උන්නතිය උදෙසා සත්ත්ව ඝාතනය
මිනිසාගේ යහපත පිණිස විවිධවු ආකාරයේ පර්යේෂණ වල යෙදෙමින් නුතන වෛද්‍ය විද්‍යාව ඉතා උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතිහාසයේ සිට මේ දක්වා විවිධවු සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවී තිබේ. මෙම පර්යේෂන වලින් අත්හදා බලන්නාවු වෛද්‍ය ප්‍රථිකාර සඳහා සත්ත්වයන් යොදාගෙන, ඒවායේ සාර්ථක අසාර්ථක භාවය අත්හදා බලා පසුව ඒවායින් මිනිසුන්ට ප්‍රථිකාර නොකලේ නම් අද වනවිට විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වන්නට ඉඩ තිබිණි. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 31 Oct 2011
මිනිසාගේ ස්වභාවික පිහිටීමේ දිරිගැන්වීම
අප දන්නා පරිදි ඉතාමත් අහිංසක කිසිවෙකුට හිංසාවක් කිරීමට අකමැති පුද්ගලයන්ද ඉතා අභිරුචියෙන් මාංශමය ආහාර ගන්නා අවස්ථා අප දැක ඇත. මෙයට හේතුව මිනිසාගේ මුඛයේ ඇති පිහිටීමේ ස්වභාවයයි. මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියද සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර එකලෙස ජීරණය කළහැකි වන අයුරිනි. එමෙන්ම අපට රුචි අරුචිකම් හට ගන්නේ දිවෙහි ඇති සංවේදීතාවයෙනි. මාංශ ආහාර පිළිබඳ රුචියට අපගේ දිවද සකස් වී ඇත. නිදසුනක් ලෙස කුළු හරකුන් සහ ඇතුන් වැනි ශාක භක්ෂක සතුන් කොපමණ දරුණු වුවද උන් සත්ත්ව මස් නොකයි. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 31 Oct 2011
මිනිසා විසින් කරන්නාවු සත්ත්ව ඝාතනයන්
කුහුඹියෙකුවත් අසාධාරණ ලෙස මරා දමන්නට ඉස්ලාමය තුල අපට ඉඩක් නැත. එහෙත් කිසිදු සත්ව ඝාතනයකින් තොර තත්වයක් අපේක්ෂාකිරීම යථාර්තවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන් කර පමණක් ජීවත්වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද කිරීමට අපට ඉඩකඩ තිබේද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. නමුත් මෙයත් අපගේ අත්දැකීම් අනුව සැමවිටම සත්‍යය වන තත්වයක් නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනාගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ වු උපක්‍රමයන් ගොවියා විසින් උපයෝගීකර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා විසින් ක්‍රියාකරයි. මෙයින් පැහැදිලිවන්නේ කුමක්ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කරගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේද? මෙම ලෝක යථාර්තය ප්‍රතික්ෂේප කලහැක්කේ කවරෙකුටද? Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 31 Oct 2011
මාංශ ආහාර වර්ජනය කිරීමේ අප්‍රායෝගිකත්වය
එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2010 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat) කි. ග්‍රෑ. 46.6 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 17 ක් ලෙස දක්වා ඇත. බිලියන 6.9 ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2010 වර්ෂය සඳහාවූ මුළු මාංශ හා මත්ස්‍ය පරිභෝජනයේ ප්‍රමාණයන් අපට ලබාගත හැක. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 30 Oct 2011
මාංශ ආහාර අනුභවය
මෙලෙස ඉතාමත් අලංකාර අන්දමින් සතුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට සහ උන්ට ඉතා හොඳින් කරුණාව දැක්වීමට දිරිගන්වන දහමක් විසින්, සිය බැතිමතුන් හට මාංශ අනුභවය අනුමත කර තිබෙන්නේ කෙලෙසද? කියා දැන් යමෙකුට නියත වශයෙන්ම සිතෙන්නට ඉඩකඩ ඇත. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 27 Oct 2011
නිකරුනේ සත්ත්ව හිංසාව තහනම්
නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය විසින් අනුමැතිය දී නොමැති බව අප අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පැවසු බව සඳහන් වන බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392 පදයෙහි) දක්වා ඇති පරිදි: Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 26 Oct 2011
මිනිසා මෙලොව භාරකාරයා
මිනිසා වනාහී මේ මිහිතලයේ භාරකාරයෙකු ලෙස හා පාලකයෙකු වශයෙන් ක්‍රියා කරන බව අප අවට සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන් පමණකින්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිදු ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ලැබී ඇති බවක් අපට දකින්නට නොමැත. මිනිසා වනාහී ලොව පවතින්නාවු අන් සියළුම ජීවීන්, පරිසරය, හා එහි අඩංගු සියළුම දේ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 26 Oct 2011
හැදින්වීම
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මිනිසා හට පැවතුනු අවශ්‍යතාවයන් නම් ආහාර සහ වස්ත්‍රයි. මෙයිනුදු ආහාර වනාහී මිනිසා හට තම ශරීරය නඩත්තු කරන්නට අවශ්‍ය වන්නාවු ප්‍රධාන සාධකයයි. මේ නිසා අතීතයේ සිටම මිනිසා අන්කිසි දෙයකට වඩා ආහාර සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සිදුකර ඇත. අපගේ ආහාර සඳහා අත්‍යවශ්‍ය සාධක දෙකකි. එනම් මාංශ (සතුන්ගේ මාංශ) සහ නිර්මාංශ (ගස්,වැල් සහ ඵල වලින්) වේ. මිනිසා විසින් ඉතිහාසය පුරා ඉහතකී ප්‍රභවයන් දෙකෙන්ම ආහාර සලසා ගත්තේ යැයි සාක්ෂි සහ සාධක ඇත. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 26 Oct 2011
ප්‍රකාශක සටහන
ධර්ම ප්‍රකාශන පොත්මාලාවේ හයවැනි සාඩම්බර ප්‍රකාශනය වශයෙන් ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය නැමති මෙම පොත් පිංච ඔබ වෙත ඉදිරිපත් කරනුයේ හදපිරි ඉතා නිහතමානී සතුටකිනි. මෙවන් භාරදුර කටයුත්තක් සඳහා නොවටිනා අපව සුදුස්සන් කළ සර්ව බලධාරී දෙවිඳාණන් වන අල්ලාහ්ට අපගේ සියළුම පැසසුම් සහ මහිමය හිමිවේවා. ලොව සව්සත වෙත නායකත්වය දෙමින් ඉස්ලාමයේ මාහැඟිතාවය සිය ජීවිතයෙන්ම ලොවටම පසක් කළ අපගේ මානව ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි තුමාණන්ට දෙවිඳුන්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා. Continue Reading »
ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත
Published by Anver on 19 Oct 2011
බොදුනුවෙකු හෝ මුස්ලිම් වරයෙකු ලෙස ඉපදීම
මනුෂ්‍ය ජීවිතයක් ලැබීම යනු විශාල භාග්‍යයක් කොට දැන් ඔබට වැටහී ඇති කාරණයක් ලෙස මා සිතමි. මෙයිනුත් යම් දහමක පසුබිමක් ඇති පවුලක දරුවෙකු ලෙස ඉපදීම ගැනද ඒ ඒ ආගමික කෝණයන්ගෙන් අප සොයා බැලිය යුතුව ඇත. මන්දයත් මෙලොව තිබෙන සෑම දහමක්ම පවසන්නේ එම දහම ලොව එකම සත්‍යය දහම බවයි. එමෙන්ම එම දහම මගින් මිස කිසිවෙකුට එම දහමෙහි පවසන විමුක්තිය ලබා ගැනීමට බැරි බවද ඔවුන් සියල්ලෝම එක හෙලා පවසයි. Continue Reading »
ධර්මගවේශණ,මෙලොව ජීවිතය පිළිබදව බුදු දහමෙහි සහ ඉස්ලාම්හි සංකල්පය
Published by Anver on 18 Oct 2011
මිනිසත් බව ලැබ උපත ලැබීම
මෙලොව ක්‍රියාකාරීත්වය දෙස බලන කල අපට පෙනෙන ඉතාමත් වැදගත් දෙයක් නම් වර්තමාන ලොව ක්‍රියාකාරීත්වයට බලපාන තීන්දු තීරණ ගැනීමේදී මිනිසා ඉතාමත් වැදගත් සාධකයක් බවට පත් වී ඇති බවයි. එමෙන්ම ස්වභාව ධර්මයට පසුව ලොව පාලනය කරන බලවතා බවට මිනිසා පත්ව ඇතැයි කීම අප සැවොම පිළිගන්නාවූ කාරණයකි. එම නිසා මිනිසත් බව ලැබ ඉපදීම කුමණ ආකාර දැයි දැන් අප බුදු දහමෙන් සහ ඉස්ලාම් දහමෙන් විමසා බලමු. Continue Reading »
ධර්මගවේශණ,මෙලොව ජීවිතය පිළිබදව බුදු දහමෙහි සහ ඉස්ලාම්හි සංකල්පය
Published by Anver on 14 Oct 2011
තන්හාධික වීම දුක්ගෙන දෙන බව
යම් දෙයක් ලබා ගැනීම සහ යම් ඉලක්කයක් ජය ගැනීම සඳහා උත්සාහයක් සහ සැලැසුම් අත්‍යවශ්‍යය. එහෙත් එම ඉලක්කයන් ජයගැනීමෙන් පසුවද අත්තනෝමතික ලෙස තවදුරටත් තන්හාවට වහල්වී ඒවායේ දැඩි ලෙස ඇලීම හෝ ගැලීම සහ සිතූ පරිදිම සැමවිටම ජයග්‍රාහී ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම, බුදු දහමට අනුව සතර අගතියට උත්ප්‍රේරක ය. යමක් නිත්‍ය නොවන්නේ ද එය දුක් ගෙනදෙන බව
‘යද නිච්චං තං දුක්ඛං’
යනුවෙන් බුද්ධ ධර්මයේ සඳහන් වෙයි. මේ අනුව නිත්‍ය නොවන ධර්ම කෙරෙහි හෝ ධර්මතා කෙරෙහි අගතියට යෑම, බුදු දහමට අනුව ඉච්ඡා භංගත්වයට හේතු වන්නේ ය. බුදුරජාණන් පැවසූ මෙම සංකල්පය පිළිබඳව ඉස්ලාම් දහමෙහි දෘෂ්ටි කෝණයෙන් අප දැන් මදක් සොයා බලමු. Continue Reading »
මෙලොව ජීවිතය පිළිබදව බුදු දහමෙහි සහ ඉස්ලාම්හි සංකල්පය