Archive for the 'ධර්මගවේශණ' Category

Published by Anver on 19 Oct 2011

බොදුනුවෙකු හෝ මුස්ලිම් වරයෙකු ලෙස ඉපදීම

බොදුනුවෙකු හෝ මුස්ලිම් වරයෙකු ලෙස ඉපදීම

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම යනු විශාල භාග්‍යයක් කොට දැන් ඔබට වැටහී ඇති කාරණයක් ලෙස මා සිතමි. මෙයිනුත් යම් දහමක පසුබිමක් ඇති පවුලක දරුවෙකු ලෙස ඉපදීම ගැනද ඒ ඒ ආගමික කෝණයන්ගෙන් අප සොයා බැලිය යුතුව ඇත. මන්දයත් මෙලොව තිබෙන සෑම දහමක්ම පවසන්නේ එම දහම ලොව එකම සත්‍යය දහම බවයි. එමෙන්ම එම දහම මගින් මිස කිසිවෙකුට එම දහමෙහි පවසන විමුක්තිය ලබා ගැනීමට බැරි බවද ඔවුන් සියල්ලෝම එක හෙලා පවසයි. Continue Reading »

Published by Anver on 18 Oct 2011

මිනිසත් බව ලැබ උපත ලැබීම

මිනිසත් බව ලැබ උපත ලැබීම

මෙලොව ක්‍රියාකාරීත්වය දෙස බලන කල අපට පෙනෙන ඉතාමත් වැදගත් දෙයක් නම් වර්තමාන ලොව ක්‍රියාකාරීත්වයට බලපාන තීන්දු තීරණ ගැනීමේදී මිනිසා ඉතාමත් වැදගත් සාධකයක් බවට පත් වී ඇති බවයි. එමෙන්ම ස්වභාව ධර්මයට පසුව ලොව පාලනය කරන බලවතා බවට මිනිසා පත්ව ඇතැයි කීම අප සැවොම පිළිගන්නාවූ කාරණයකි‍. එම නිසා මිනිසත් බව ලැබ ඉපදීම කුමණ ආකාර දැයි දැන් අප බුදු දහමෙන් සහ ඉස්ලාම් දහමෙන් විමසා බලමු. Continue Reading »

Published by Anver on 06 Jan 2011

බුදු දහමේ එන දේව සංකල්පය

බුදු දහමේ එන දේව සංකල්පය

මෙලොව පවතින්නා වූ ආගම් සියල්ල අපට කොටස් දෙකකට වර්ග කළ හැක.

  1. මානවයාටම විමුක්තිය සලසා ගත හැකි බව පවසන මානව කේන්ද්‍රීය දහම්.
  2. දෙවිකෙනෙකුගෙන් තොරව මිනිසාට විමුක්තිය සලසා ගත හැකි නොවේ යන්න තහවුරු කරන දේව කේන්ද්‍රීය දහම්ය.

මෙම කොටස් දෙක අපට සරලව දේව වාදී දහම් සහ අදේව වාදී දහම් ලෙස නම් කළ හැක. Continue Reading »

Published by Anver on 13 Oct 2010

බුදු දහමේ එන සතර අපාය සහ ඉස්ලාමයෙහි එන නිරය සංකල්පය

නිරය

නිරය

බුදු දහමේ එන සතර අපාය සහ ඉස්ලාමයෙහි එන නිරය සංකල්පය

සෑම දහමකම පාහේ නිරය නැමති සංකල්පයක් ඇත. මෙලොවදී මිනිසා කරන නරක ක්‍රියාවන්ට දඬුවම් ලැබෙන ස්ථානය නිරය බව සෑම දහමකටම පොදු ධර්මතාවයකි. බුදු දහමට අනුව සතර අපායක් ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මෙම සතර අපායන් මොනවාද? සහ මෙය ඉස්ලාමයේ එන නිරය යන සංකල්පය සමග සැසඳීමයි. Continue Reading »