Archive for the 'Uncategorized' Category

Published by Anver on 07 Feb 2010

ඉස්ලාම් නම් ජීවන මාර්ගය

ඉස්ලාම් නම් ජීවන මාර්ගය

ඉස්ලාම් යන වචනය සිංහල බසින් අර්ථ ගැන්වු කල පාරමිතාව සහ සහජීවනය ලෙස සාරාංශගත කල හැක. ජීවිතයේත් ආධ්‍යාත්මය සියලුම අං‍ගෝපාංග අඩංගු වන තරමට දිගින් සහ පළලෙන් අසීමිත අයුරින් පුළුල් ක්‍රමයක් එය තුල අඩංගුය. සංතුෂ්ටියත් සොම්නසත් කරා මිනිසාව යොමු කරන සියලුම මාර්ග එය හඳුනයි. සමාජිය හෝ වේවා පුද්ගලික හෝ වේවා මිනිසා විසින් මුහුණ දෙන ලද සියලුම පීඩන හා ගැටලු වලට එමගින් විසඳුම් සැපයෙන අතර ඒවා ඕනෑම කෙ‍නකුට අවබෝධ කර ගත හැකි අන්දමට ඉතා සරලව ඉදිරිපත් කරයි. සෑම පුද්ගලයකුගේම සියලු පැති සංවර්ධනය කිරිමට මාන බලන හෙයින් මානව පැවැත්මට අදාල සියලුම යථාර්ථයන් එහි අන්තර්ගතය. Continue Reading »

Published by Anver on 16 Jan 2010

සමානාත්මතාවය 1වන කොටස


පණ්ඩිත රන්ජිත් වනරත්න (බී‍.ඒ) විසින් රචිත, ථෙරවාදී සාමණේර බණ දහම් පොත පිටු 52-54

පැවිදි කිරීමට නුසුදුස්සෝ Continue Reading »

Published by Anver on 16 Jan 2010

කිතුණු දහමට අනුව මද්‍යපානය

මත්පැන් භාවිතය හොද නරකද? යන ප්‍රශ්ණය හමුවේ වැනි වැනී යන බයිබලීය මතය

මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් බයිබල් පද වල අවවාද අඩංගුවේ (ලෙවී 10 : 9; ගණන් කථාව 6 : 3; විතීය කථාව 29 : 6; විනිශ්චයකාරයා13 : 4,7,14; 1 සාමුවෙල් 1 : 15; හිතෝපදේශ 20 : 1, 31 : 4, 6; යෙසායා 5 : 11, 22; 24 : 9; 28 : 7; 29 : 9; 56 : 12; මීකා 2 : 11; ලූක් 1 : 15). Continue Reading »

Published by Anver on 16 Jan 2010

ප්‍රතිසංස්‌කරණවාදීන් ගේ ක්‍රිස්‌තියානිය

ප්‍රතිසංස්‌කරණවාදීන් ගේ ක්‍රිස්‌තියානිය

මහාචාර්ය නලින් ද සිල්වා

කිතුණු දහම පළමු සියවස්‌ තුනේ එතරම් ව්‍යාප්ත නො වුණ ද ඒ කාලයෙහි එහි පදනම යම් ප්‍රමාණයකට වුව ද සකස්‌ විණි. ප්‍රථම පාප් ලෙස සැලකෙන ශාන්ත පීතර සහ පාවුළු සමඟ රෝමයේ වාසය කිරීම රෝමයේ පූජකවරුන්ට ප්‍රධාන තැන ලැබීමට හේතුවක්‌ ලෙස සැලකෙයි. එහෙත් එය එසේම සිදු විණි ද එසේත් නැත්නම් රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය වූ රෝමයේ විසූ පූජකවරුන්ට ප්‍රධාන තැන ලැබුණේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ක්‍රිස්‌තු වර්ෂ 58 වන විට (එනම් අද ක්‍රිස්‌තු වර්ෂ 58 නමින් හැඳින්වෙන වසර වන විට) රෝමයේ ක්‍රිස්‌තියානි (කතෝලික) භක්‌තිකයන් යම් ප්‍රමාණයක්‌ විසූ බව හෙළි වෙයි. Continue Reading »

Published by Anver on 14 Jan 2010

මතට තිත තිතට මත වේද?

වර්තමානයේ අප රටේ තිබෙන දැවෙන ප්‍රශ්ණ වලට විසදුම් සොයන්නට ආගමික සහ දේශලපාලනික සුසංයෝගයෙන් සැදුම් ලත් පරපුරක් බිහිවී සිටිති. ලංකාවේ සියලුම ප්‍රශ්ණ වලට තිබෙන එකම විසදුම ධර්ම රාජ්‍යයකැයි පවසමින් ඔවුන් ගෙන යන මේ වැඩ පිළිවෙල අප විසින් සංවාදයට භාජනය කළ යුතුය. ජනතාව මත්පැන් වලට ඇබ්බැහි වීම වැලැක් වීම සදහා මතට තිත නමින් වැඩ සටහනක් දියත්ව පවතී. පහත ලිපිය ලියන ලේඛකයා මෙම වැඩ පිළිවෙලෙහි ප්‍රායෝගිකත්වය සහ එය ක්‍රියාත්මක කරන්නවුන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර ඇත.

උන්නාන්සේලා වටහා ගනිත්වා Continue Reading »

Published by Anver on 06 Jan 2010

ලෝක ආගම් සහ නිර්මාංශ ආහාර ප්‍රතිපත්තිය ලිපියට පිළිතුරක්

පසුගිය දිනක අන්තර් ජාලයේ සැරිසරන විට මට සිළුමිණ පුවත් පතෙහි එක්තරා ලිපියක් හමු විය. මෙම ලිපියේ අන්තර් ගතය තුලින් ආගමික අදහස් විකෘති කර පෙන්වීමට දරන ලද උත්සාහය නිසා මට මේ ලිපියට පිළිතුරක් ලිවීමට සිත් විය. Continue Reading »

Published by Anver on 06 Jan 2010

ආගමික අන්තවාදයේ කරුමය

ආගමික අන්තවාදයේ කරුමය

මෙම කොටස මම ‍උපුටා ගන්නා ලද්දේ වෙනත් බ්ලොග් එකකිනි.

ආගමික අන්තවාදයේ කරුමය : පසුගිය දවසක අපි විශාල කලබැගෑනියක් නිර්මාණය කල සිදුවීමක් සිදුවුණි. ඒ අනවසරයෙන් ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමේ වරදරට හිමි නමක් අත් අඩංගුවට ගැනීමත්, ඉන්පසු අධිකරණයේ එම නඩුව කැඳවූ විට භික්ෂූන් වහන්සේ නැගී නොසිටීමත් යන කරුණු නිසා. විකාර සහගත රටක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මූලික විඳීමට බාධා කිරීම ආතල් එකක් කර ගැනීම නිසා මේ සිවිල් නීති කඩ කිරීම සාධාරණිකරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවුනා. අපි දන්නා තරමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ලංකාව ඉරානයේ හෝ වෙනත් අරාබි රටක් මෙන් ආගමික රාජ්‍යයක් නොවන බව හැමෝම දන්නා කරුණක්. ඒ අනුව රටේ සිවිල් නීතියට ගරු කිරීම ආගමික නායකයන් හට වුවත් අදාලය යන සරල කාරණාව මුලින්ම තේරුම් ගැනීමට මේ අන්තවාදී බුද්ධ පුත්‍රයන් හට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු කණගාටුවක්. මේ ස්වාමීන් වහන්සේට අනුව පාරේ වම් පැත්තෙන් ගමන් කිරීමට පූජක පක්ෂයට හැකිවිය යුතුයි. මොකද ඔවුන්ගේ අමන තර්ක අනුව රටේ මූලික නීතියට ඉක්මවා යන බලයක් ඔවුන් සතුව ඇතැයි උපකල්පනය කරන නිසා. දැන් මූලික සිද්ධිය දෙසට අවධානය යොමු කරමු. Continue Reading »

Published by Anver on 03 Jan 2010

ඉස්ලාමීය විශ්වාසයේ අනිවාර්‍ය වන කරුණු

ඉස්ලාමීය විශ්වාසයේ අනිවාර්‍ය වන කරුණු

أركان الإيمان

නියක වශයෙන්ම අපගේ ප්‍රකාශයේ (කථාවේ) හා ක්‍රියාවේ වලංගුභාවය හෝ පිළිගැනීම රඳා පවතින්නේ,  නිවැරදි ප්‍රතිපත්තිය මත බව අල් කුරානයේ හා අල් හදීසියේ (නබිතුමාණන් පැවසු වදන්) ආධාරයෙන් අපට දැක ගත හැක. එමනිසා ප්‍රතිපත්තිය නිවැරදි නොවන්නේද, එවිට එම ප්‍රතිපත්තියෙන් සිදුවන සියළු ප්‍රකාශයන් හා ක්‍රියාවන් අවලංගුවේ. ඒ ගැන අල්ලාහ් මෙසේ පවසන්නේය. Continue Reading »

Published by Anver on 02 Jan 2010

මුහම්මද් නබිතුමාගේ චරිතය

මුහම්මද් නබිතුමාගේ චරිතය සැකෙවින්

මුහම්මද් නබි තුමාණෝ ගමන ගැන නබි වදන් වල සහන් වන්නේ එතුමා ගමන් කර ඇත්තේ ස්ථාවර ලෙස පියවර තබා ඉදිරිපස බලමින් ගරු සරු ඇතිවය. තමා වෙත තිබුණු අප්‍රමාණ වූ වගකීම් අතරතුර පවා සමාජ, ආගමික හා ලෞකික විෂයයන් පිළිබඳව සාකච්ඡාවන්ට ද එතුමා සහභාගි විය. Continue Reading »

Published by Anver on 26 Dec 2009

ආගමික අයිතීන් සහ නිදහස සුරකින සමාජයක්

ප්‍රිය මිතුර/මිතුරිය,

තවත් සංවාදයකට තුඩු දිය යුතු මාතෘකාවක් අද මම ඔබ වෙත ඉදිරිපත් කරමි. එය නම් අන්තර්ජාතික කුමන්ත්‍රණ හමුවේ සිය අනන්‍යතාවය නැතිකරගත්, විජාතික සිතිවිලි ඇති, ජාතික වාදීන් විසින් අපේ රටේ මුස්ලිම් දැරියන්ට සිය ආගමානුකූල වස්ත්‍රය හැද පාසලට යාමට වාරණය කිරීමයි. Continue Reading »

Next »