Archive for the 'Uncategorized' Category

Published by Anver on 13 Dec 2009

මානව හිමිකම් පිළිබඳ ඉස්ලාමීය සංකල්පය


ඉස්ලාම් දහම තුල අපට උගන්වන මූලිකම ධර්මතාවය නම් සකල මිනිස් වර්ගයාම එකම දරුකැලක් බවයි. මෙයට හේතුව ඉස්ලාමය උගන්වන පරිදි දෙවිඳුන් මිනිස් වර්ගයා උපදවා තිබෙන්නේ එක යුවලක් මගිනි. එමනිසා සෑම පුද්ගලයෙකුම අනෙකාගේ සහෝදරයාය. Continue Reading »

Published by Anver on 08 Dec 2009

ආගම් මාරුවට පිළියම කවරේද?


වර්තමාන බුදු දහම පරිහාණියට ගොස් බැතිමතුන් ආගම් මාරු කිරීම ගැන බොදුනු නායකයන් අන්‍යාගම් වලට පහර ගසනු මෑත කාලයේදී අප බොහෝ ලෙස දැක ඇත. මෙම ලිපිය මේ ගැටළුව ගැන බොදුනුවෙකුගේ අදහසයි. මෙම ලිපිය පුවත්පතකින් උපුටා ගන්නා ලදී. Continue Reading »

Published by Anver on 05 Dec 2009

කිතුණු දහමට අනුව කාන්තාවන් මානව විශේෂයකි.


කාන්තාව මානවයෙක්ද? නැතිද? යන ප්‍රශ්ණයට පිළිතුරක් සොයා ගැනීමේ අරමුණින් එවකට සිටි කිතුණු නායකයන් අතර විවාදයක් ක්‍රිස්තු වර්ෂ 584 දී, ප්‍රංශයේදී පැවැත්වුණි. මෙම කරුණ විවාදය සඳහා ඔවුන් විසින් ප්‍රංශයේ ලියොන් නුවර සම්මේලනයක් කැඳවූහ.මෙම සම්මේලනය කරා එවකට සිටි බිෂොප් වරු හතලිස් තුන්දෙනෙකුද, නොපැමිණි අනෙකුත් බිෂොප් වරුන් නියෝජනය කිරීම සඳහා ඔවුන් විසින් එවා තිබුණු නියෝජිතයන් විසිදෙනෙකුද, සහභාගී වූහ. සියළු දෙනා ඉමහත් කුතුහළයෙන් බලා සිටියේ මෙම සම්මේලනයේ කුමකින් කුමක් සිදුවේද? යනුයි. ඔවුන් කාන්තාවන් මානව කොට්ඨාශයක් නොවේ යනුවෙන් තීරණය කරයිද, නැතහොත් මානවයන් ‍යයි තීරණය වේද? Continue Reading »

Published by Anver on 05 Dec 2009

ඉස්ලාමය වැලඳ ගැනීමේ පිළිවෙත


යම් කෙනෙකු ඉස්ලාම් දහම වැලඳ ගන්නා ආකාරය කෙලෙසද? යන්න සමහර විට දැන් ඔබ සිතනවා වන්නට පුළුවන. මෙහිදී ඔබ පලමුව මතක තබා ගත යුතු කාරණයක් නම් ඔබ ඉස්ලාම් දහමට පැමිණෙන්නේ ලෞකික ප්‍රථිලාභයක් පතා නම් එය අසාර්ථක ප්‍රයත්නයක් බවයි. මන්ද ඉස්ලාම් යනු බුද්ධිය අමතන දහමකි. ඔබ ඉස්ලාම් දහම වැලඳ ගත් සැනින් ඔබගේ ප්‍රශ්ණ සියල්ල ඉවරයි කියා ඉස්ලාම් නොපවසයි. සමහර විට ඉස්ලාම් වැලඳ ගත් පසු ඔබට තිබෙන ප්‍රශ්ණ වැඩි වන්නටද ඉඩකඩ ඇත. Continue Reading »

Published by Anver on 09 Nov 2009

ඉස්ලාමීය සදාචාරය

ඉස්ලාමීය සදාචාරය

ඉස්ලාම්හි මානව මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. ඊට සෑම මොහොතකදීම ගරු කළ යුතුය. ඒවා පිලිපැදිය යුතුය. යතෝකත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව, ඵලදායී සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම් ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික සහ පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි දක්වන ප්‍රේමයට අතීශය වැදගත් ස්ථානයක් දෙන ඉස්ලාම් දහම ගතානුගතිකත්වයට වහල් වී සිටීමේ ක්‍රියාදාමයට එරෙහිව අනතුරු අඟවයි. Continue Reading »

« Prev